EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Weapons (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Ashley Patterson, Sarah Gorczyk, Zach Cregger
Cast
Go Full Cast PageWeapons (2025) | “ළමයි”
හැබැයි සාර්ථකම හොරර් චිත්‍රපටි වලින් එකක් කිව්වාම හිතන්න එපා අර සෑහෙන්න බය හිතෙන ජාතියේ චිත්‍රපටියක් කියලා. මේක වෙනම අත්දැකීමක් දෙන චිල් එකේ බලන්න පුලුවන් හොරර් චිත්‍රපටියක්. Horror/Mystery කාණ්ඩයට අයත්වන චිත්‍රපටියේ අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Zach Cregger. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 8යි. චිත්‍රපටය බෙදාහැරීම සිද්ධවුණේ Warner Bros. Pictures ආයතනය හරහා.
අධ්‍යක්ෂක Zack Cregger මීට කලිනුත් හොඳ හොරර් නිර්මාණයක් කරල තියෙනවා, ඒ Barbarian (2022). මේකට පෝල් තෝමස් ඇන්ඩර්සන් ගේ ‘Magnolia’ (1999) චිත්‍රපටයත් ආභාශයට ගත්තලු. නිර්මාණකරුවෙක් විදිහට Zach ලබපු ලොකු ජයග්‍රාහණයක් තමයි Netflix, New Line Cinema, TriStar Pictures සහ Universal Pictures වගේ දැවැන්ත නිෂ්පාදන සමාගම් අතරේ ච්ත්‍රපටයේ අයිතිය වෙනුවෙන් ලොකු මුදලකට ලොකු තරඟකාරීත්වයක් ඇතිවීම. අන්තිමේදී Warner Brosලගේ New Line Cinema තමයි ජයගත්තේ. කොහොමත් හොරර් චිත්‍රපට සම්බන්ධයෙන් දැවැන්ත ඉතිහාසයක් New Line Cinemaලට තියෙනවා.
Josh Brolin, Julia Garner, Alden Ehrenreich, Austin Abrams, Cary Christopher යන නලු නිලියන් චරිත නිරූපණය කරනවා.
කතාව පොඩ්ඩක් කියනවා නම් එකම ටවුමේ, එකම පාසලේ, එකම පන්ති කාමරයේ ළමයි 17 දෙනෙක්, එකම දවසේ, එකම වෙලාවක අතුරුදන් වෙනවා. මේක පන්තිභාර ගුරුතුමියට, පාසලට වගේම දෙමාපියන්ටත් ලොකු ප්‍රෙහෙලිකාවක්. ලොකූ ආන්දෝලනයක් ඇති කරනවා. ඕක තමයි ප්‍රධාන කොටස. කතාව මීට වඩා කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ.
ඊළඟට කතාව ඉස්සරහට ගෙනියන්නේ චරිතයෙන් චරිතයට. එතකොට එකම සිද්ධිය එක එක චරිත වල දෘටිකෝණයෙන් බලාගන්න අවස්ථාවක් අපිට ලැබෙනවා. ඒ ගලායෑම මරු. වෙනස් අත්දැකීමක් හොරර් චිත්‍රපටියකින් දැක්ක. ඉතින් කතා දෙකක් නෑ වසරේ හොඳම චිත්‍රපට අත්දැකීමක් තමා මේ.
ඉතිරිය ඔයාලට භාරයි. රසවිඳින්න. ඔයාලට ජය.












