EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast PageSumathi Valavu (2025) | යක්ෂණීගෙ වංගුව
සැප්තැම්බර් 26 වෙනිදා නිකුත් උන මේ ලස්සන චිත්‍රපටිය. horror comedy ශානරයට අයත් මේ චිත්‍රපටිය හොල්මන් වලට ආස කරන අයට විශේෂයෙන්ම සෙට් වෙයි. මේ දවස් වල මම යක්ෂණියො, පෙරේතයො ඉන්න චිත්‍රපටි කීපයක්ම කලා. ඒත් මේ වගේ කෙලින්ම හොල්මන් වෙන එකක් කලේ නෑ. ඉතින් බය වෙන්න ආස හිතෙන අයට මේක හොඳයි. එහෙම කිව්වට බය වෙලා නොබල ඉන්න එපා,එහෙම බය වෙන්නෙ නෑ මේක කොමඩියක්.
කතාව එක්දහස් නමසිය අනූ ගණන් වල එකක්. ඒ කාලෙ ‘මලයාලම් සිනමා ඉතිහාසයේ විශිෂ්ඨතම චිත්‍රපට වලින් එකක් වන මනිචිත්‍රතායු’ බොක්ස් ඔෆිස් හිට් වෙමින් ප්‍රදර්ශණය වන අවධිය. ඒකෙ ඉන්නෙත් යකින්නක්, මේකෙ ඉන්නෙත් යකින්නක්.එක් දහස් නමසිය පණස් ගණන් වල සිද්ධ උන සත්‍ය කතාවකින් ආපු කටකතාවක් තමයි මේකෙ වස්තු බීජය වෙන්නෙ. වනාන්තරයක් අසල තියෙන ගමක සිට දිවෙන පාරක වංගුවක්. රාත්‍රියෙ ඒක පහු කර ගෙන යන්න කවුරුවත්… ඇති කතාව ස්පොයිල් නොකර ඉන්නම්. හැබ්යැ ගමේ මිනිස්සු අතර ඇතිවෙන ගැටළු , හබ , පෙම් සම්බන්ධතා ඉතා සුන්දරව මේකෙ ඉදිරි පත් කරල තියෙනවා.
අර්ජුන් අශෝකන්, සයිජු කුරුප්, බාලු වාර්ගීස් ගෝකුල් සුරේෂ් ඇතුළු නළු නිළියන් රැසක් චරිත මවනවා. විශ්ණු සශි ශංකර් ගේ අධ්‍යක්ෂණයක් වන මෙය වාණිජ අතින් මේ වසරේ හිට් උන චිත්‍රපටයක් ලෙස සැලකන්න පුළුවන්




