EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Troy (2004) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Anna Worley, Ben Burt, Javier Clave, Simon Crane, Tara McNamee, Wolfgang Petersen
Cast
Go Full Cast PageTroy (2004) | ආදරය, යුද්ධය හා අමරණීයත්වය..
මේ ලියන්න යන්නෙ පට්ටම චිත්‍රපටියක් ගැනයි. නිකමටවත් ෆිල්ම් බලන හැමෝම බලල ඇති කියල හිතන ෆිල්ම් එකක් ගැනයි මේ ලියන්නෙ.. බලපු කෙනෙක් උනත් මේ දීලා තියන සබ් එක්ක නැවත බලයි කියලා හිතනවා… මම බලපු හොදම ඇක්ෂන් ෆිල්ම් අතරෙන් එකක් මේක..
මම කතාවෙන් ටිකක් කියන්නම්කො.. කතාවෙ මුල් ටික මෙහෙමයි.. ස්පාටා නුවර අකිලිස් කියල යුධ පුරාවෘත්තයක් වගේ මිනිසෙක් ඉන්නව. බ්‍රැඩ් පීට් තමයි මේ චරිතය රගපාන්නෙ. එයා අමරණීය පුද්ගලයෙක් කියලා තමා සැලකෙන්නේ. ඒත් අකිලිස් ටිකක් දඩබ්බර පුද්ගලයෙක්. ඔහු වටා තමයි මේ කතාව ගෙතිල තියෙන්නෙ..මෙන්න කතාවෙ සාරාංශය..ස්පාටා කියන්නේ ග්‍රීක රාජධානියට අයත් රාජ්‍යයක්. පාලනය කරන්නේ මුලූ ග්‍රීක අධිරාජ්‍ය පාලනය කරන අග්මෙම්නොන් රජතුමාගේ සොහොයුරා. අග්මෙම්නොන් රජතුමා කාලයක ඉඳන් පොඩි පොඩි රාජ්‍ය යටත් කරගෙන තමයි මේ රාජධානිය ගොඩනගන්නේ. ඒත් ස්පාටා වල මැනලස් රජතුමා යුද්ධ වලින් හෙම්බත් වෙලා තම ප්‍රධාන විරුද්ධවාදියා වන ට්‍රෝයි රාජ්‍යය සමඟ සාමය පවත්වාගෙන යන්න ට්‍රෝයි වල කුමාරවරු දෙදෙනෙක් එනව ස්පාටා වලට..මේ ගමනෙදී එක් කුමාරයෙක් ආදර සම්බන්දතාවයක් ඇති කරගන්නව ස්පාටා වල රජුගේ බිරිදත් සමග..මේ සිද්දිය මුල් කරගෙන අතිශය බලවත් මේ රාජධානි දෙක යුධ වදිනව..තවම කිසිදු රාජ්‍යයකට යටත් කර ගන්න බැරිවෙච්ච ට්‍රෝයි නගරය ජයගන්නේ කොහොමද? මේ යුද්ධයේදී අකිලිස් නැමැති අපරාජිත පුද්ගලයාගෙ ඉරණම මොකක් වේවිද? මේක බලපු නැති අය ඉන්නව නම් ඒ බොහොම ටික දෙනෙක් වෙන්න ඕන.. ඒ අයට මම කියන්නෙ මේක බලන්න කියල.. මාර ගති ෆිල්ම් එක…
ඒ වගේම තව දෙයක් කියන්නම් ඔයාලගේ පරිගණකයේ වයිරස් එහෙම ඇවිල්ල ඇතිනේ.. එතකොට නිතරම කියවෙන නමක් තමා Trojan horse කියන්නේ.. ඉතින් මෙන්න මේ නම පටබැඳිලා තියෙන්නේ මෙන්න මේ කතාව පදනම් කරගෙන. ඒ වයිරසයෙනුත් කරන්නේ අපිව රැවටීමකට ලක්කරලා ඒ වගේම පරිඝනකයත් නොමග යවා පහර දීම.. ඉතින් බලන්නකෝ මේ කට්ටිය කොහොමද කියලා රජ කාලේ මේ දේ කරන්නේ කියලා.
ඉතින් මේ ටිකත් කියන්නම්. Ratings: 7.1 ලබා ඔස්කාර සම්මානයකට නිර්දේශ ලබා The Perfect Storm (2000), Poseidon (2006), Air Force One (1997) වැනි ජනප්‍රිය චිත්‍රපට නිෂ්පාදක Wolfgang Petersen නිර්මාණය කරන ලද්දක්..ඔබත් සිනමා රසිකයෙක් නම් අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම සුපිරි සිනමා පටයක් ලෙස හැදින්විය හැකිය..












