
”Breaking Bad” නරඹූ අයෙක්ද?
එහෙනම් පහළට ගිහින් උපසිරැසය ලබාගන්න.
ඔබ තවමත් ”Breaking Bad” නරඹා නැද්ද?
එහෙනම් සම්පුර්ණ කතාවම බලල ඇවිත් උපසිරැසය ලබාගන්න.
හරියටම අදට අවුරුදු එකොළහකට පෙර ගොඩක් ප්‍රේක්ෂකයින්ගෙ සිත් ඇදගත් රූපවාහිනී කතමලාව කුමක්ද කියා ඇසුවොත් ඔබ ලබාදෙන පිළිතුර කුමක්ද? දෙපාරක් නොහිත දෙන උත්තරෙ තමයි “Breaking Bad“ යන වචන දෙක. IMDb හි මානප 1,265,877 ක් අරගනිමින් ”ලොව හොඳම රූපවාහිනී කතාමාලා’‘ තුළ සයවෙනි තැන ලබාගන්න සමත් උනා. එනමුත් “Game Of Throne“ අවසාන කතාමලවට සිදු වෙච්ච දෙයක් නිසා මෙය පස්වෙනි ස්ථානයට එන්න සමත් උනා. ඒවගේම තමයි මේ වසරේදී විකාශය කරපු “Chernobyl“ කතාවට මෙයට බලපෑමක් එල්ල කළා. ඒවගේම තමයි කුණු තක්කාලි අගයෙනුත් 96% අරගන්න සමත් වෙලා තියෙනවා. කෙසේ නමුත්, අවසානයෙදී අප කවුරුත් සිතුවේ නැහැ නැවතත් ජෙසී/වෝල්ටර් යන චරිත දැකගන්න පුළුවන් වෙයි කියල. ඔන්න එහෙනම් ඒක Netflix ලා විසින් ඉෂ්ට කරල තියෙනවා. කතාව අවසානයෙදී නොලැබුණු පිළිතුරු වගයක් මෙම චිත්‍රපටයෙන් ඔබට දැකගන්න ලැබෙයි. චිත්‍රපටය හට මේ වනවිට IMDb අගය 8.1 ක්ද කුණු තක්කාලි අගය 94% අරගන්න සමත් වෙලා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
මේ ඔක්කොම පටන්ගන්නෙ වෝල්ටර් වයිට් නැමති රසායනික ගුරුවරයෙක්ට පිලිකාවක් තියෙනවයි කියල දැනගත්තට පස්සෙ. ඔහු ගොඩක් බයවෙනවා මේ ගැන. මොකද මෙයාට බලාගන්න පවුලක් ඉන්නවා. අනික එයා මැරුණොත් මේ පවුලෙ කට්ටියට මොනවයි මොනවා වෙයිද කියල කල්පනා කරනවා. ඒවගේම තමා මෙයාගෙ මස්සිනා DEA එකේ වැඩ කරන කෙනෙක්. දවසක් මෙයාව එක්කරගෙන යනකොට දකිනවා මෙයාගෙ ශිෂ්‍යයෙක් වන ජෙසී මත්ද්‍රව්‍ය ජරවම් වැඩ වලට සම්බන්ධයි කියලා. ඉතිං මොහු ජෙසී එක්ක එකතු වෙලා මෙත් හදන්න අරගන්නවා. ඔන්න ඔය වැඩේ කරන අතරතුරේදී මෙයාලට ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඇත්තම කියනවා නම් බලල ටිකක් කල් වෙන නිසා මටත් සම්පුර්ණ කතාව හරියට මතකයක් නැහැ. කොහොමහරි අවසානයෙදී වෙන්නෙ වෝල්ටර් ජෙසීව බේරගන්න එන එකයි. ඒ වෙලාවේදී ඔහු මැෂින් ගන් එකක් සක්‍රිය කරල ටෙඩිගෙ මාමා එක්ක කතා කරගන්න යනවා.
කොහොමහරි මැෂින් ගන් එක සක්‍රිය වෙනවත් එක්කම වෝල්ටර් ජෙසීගෙ ඇඟට පනිනවා. හැබැයි ඔහුටත් වෙඩි වදිනවා. කොහොමහරි ජෙසී උත්සහ කරේ වෝල්ටර්ව මරණ්නයි. නමුත් ඔහුට වෙඩි වැදී තිබුණු නිසාවෙන් ඔහු වෙඩ්ගෙ බෙල්ල සිර කරල මරණ දානවා. වෝල්ටර් එතනම මැරිලා යනවා. ඊට පස්සෙ ජෙසී කරන්නෙ එල් කැමීනෝවත් අරගෙන එතනින් පැනගන්න එකයි. ඉතින් මෙයා එතනින් පැනත්තට පස්සෙ මොනවා සිද්ධ වෙයිද? මං ඒ ගැන මොනවත් පවසන්න යන්නෙ නැහැ. ඇත්තම කියනවා නම් කිව්වොත් වැඩක් නැති වෙනවා. එහෙනම් ඉතින් ඔයාලම බලල දැනගන්නකෝ ජෙසීගෙ ජිවිතයට සිද්ධ වෙන්නෙ මොකක්ද කියලා.
Options | Quality | Language | Size |
---|---|---|---|
WEBRip 480p | 600 MB | English | |
WEBRip 720p | 1.2 GB | English | |
WEBRip 1080p | 2.4 GB | English |