EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

500 Days of Summer (2009) | නුඹටත් කෙනෙක් හිඳිවී – දවසක සොයාන ඒවී… ❤

 

” සිනමාපටයෙන් මුලිකවම ලබා දෙන්න උත්සහ කරන අරුත වෙන්නෙ  අපේ ජිවිතත් ගෙවී යන්නෙ හරියට සෘතු වගේ කියලයි. අපේ රටට දැඩිව සෘතු බලපෑම නොතිබුනත් බටහිර රටවල් වලට සෘතු බලපෑම තදින්ම තියෙනවා. ඉතිං කතාවේ ප්‍රධාන චරිතය ටොම් හැන්සන්ට වසර එකහමාරක් පුරාවටම ගීම්හානය අරගෙන එනව කියල කියන්නේ සමර් ෆින් නමැති හුරුබුහුටි ගැහැණු ළමයා විසින්.  සමර් කියන්නේ ඉංග්‍රීසියෙන් ගිම්හාන සෘතුවටම තමයි, ඉතිං  මේ නම කතාවේ රචකයින් විසින් ඒ අරුත් ගැන්වීම වෙනුවෙන් කරපු දෙයක්. පුරා පැය එකහමාරක් පුරාවට දිවෙන දින 500ක, අන්තිම කාලේ බොහොම අමාරුවෙන් ජිවිතේ ගැට ගහගත්ත, මුල් කාලේ හරිම සතුටෙන් හිනා වෙච්ච, අතර මැද කිසිම තේරුමක් නැතුව කාලේ ගත කරපු, සමර්ගේ චපලත්වය නිසා දුක් විඳපු, එකී මෙකී නොකී හැම දෙයක්ම සිදුවෙච්ච ගිම්හාන කාලය අවසානයේ හරිම අපුරු ආකාරයට ජිවිතයට ඊළඟ සෘතුව එළඹෙන හැටිත්. ගිම්හාන සෘතුව ටොම්ගේ ජිවිතයෙන් ඈත් වෙලා යන හැටිත් පෙන්වමින් ආදරය නම් මෙයැයි කිසිවිටක නොකීවත්, අපි මේ ගත කරන ජීවිතයේදී අපිට හමුවන සමහර ආදරයවන්තියන් නම් මෙවැනි විය හැකි යැයි කියා පවසන, ආදර කතාවක් නොවන නමුත්, පිරිමි ළමයෙකුට ගැහැණු ළමයෙක්ව මුණ ගැහෙන කතාවකට ඔබට ඉඩ විවර කරමින් නවතින්නම්.  🙂  “

Comments

October 16, 2025

❤️