EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Vicious (2025) | “ ලී පෙට්ටිය ”

 

මේ අවුරුද්දේ නිකුත්වුණු හොඳම හොරර් චිත්‍රපටි විදිහට සලකන්න පුලුවන් Weapons සහ The Conjuring: Last Rites චිත්‍රපටි දෙකම මං ඔයාලට අරගෙන ආවා. මං හිතනවා ඔයාලා හැමෝම දෙකම බලන්න ඇති කියලා. ඉතින් මට කියන්න පුලුවන් ඒ දෙකට පස්සේ නිකුත්වුණු හොඳම හොරර් චිත්‍රපටිය වෙන්නේ Vicious (2025).

සමහර තැන්වලදි මට හිතුණා අර දෙකටත් වඩා මේක හොඳයිදෝත් කියලා. මොකද ඇත්තටම හැමෝම බලන්න ඕන හොඳ නිර්මාණයක්.

Horror කාණ්ඩය අයත්වෙන චිත්‍රපටිය නිකුත්වෙන්නේ  Paramount Pictures හරහා. චිත්‍රපටියටයේ ධාවන කාලය පැය 1 මිනි: 38යි. අධ්‍යක්ෂණය සහ රචනා කරන්නේ Bryan Bertino විසින්. රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Dakota Fanning, Kathryn Hunter, Mary McCormack, Rachel Blanchard, Devyn Nekoda ඇතුළු සීමිත නළු නිළියන් පිරිසක්.

කතාව පොඩ්ඩක් කිව්වොත්, හෙට තියෙන සම්මුඛ පරීක්ෂණයකට පෝලි ලෑස්ති වෙන ගමන් ඉන්නේ. එකපාරටම කෙනෙක් දොරට තට්ටු කරනවා. ගිහින් බලද්දි වයසක ගෑණු කෙනෙක්. සීතලේ වෙව්ල වෙව්ල ඉන්නවා. පේන විදිහට පාර වැරදුණු කෙනෙක් වගේ. ඉතින් සීතලේ ඉන්න වයසක කෙනෙක් නිසා දෙපාරක් නොහිතා පෝලි එයාව ගේ ඇතුළට ගන්නවා. හරිම කරුණාවන්ත විදිහට සලකලා බොන්න වතුර එකකුත් දෙනවා. කතා කර කර ඉඳලා එකපාරම අර වයසක ගෑණු කෙනා හරිම අමුතු විදිහට හැසිරෙනවා සහ කතා කරනවා. ඊටපස්සේ පරණ ලී පෙට්ටියක් මේසෙ උඩින් තියලා පෝලිට කියනවා දැන් මේක ඔයාගේ. ඔයා මැරෙන්නයි යන්නේ කියලා.

ඉතින් ඊටපස්සේ මොකද වුණේ කියලා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.

Comments

November 2, 2025

Live positively.

November 26, 2025

❤️