EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Aabhyanthara Kuttavaali (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Sethu Nath Padmakumar
Cast
Go Full Cast PageAabhyanthara Kuttavaali (2025) | කසාදයක් කර ගත්තා
ආයුබෝවන්,මේකත් ලස්සන මලයාලම් කොමඩියක්. ඒත් ඇතුලෙ ලස්සන පණිවිඩයක් කියනවා. මලයාලි සිනමාව ප්‍රමූඛ ඉන්දියානු සිනමාව බොහෝ විට පුරුෂ මූලික සිනමාවක්. මේ චිත්‍රපටය කියන්නෙ පුරුෂයාට නීතිය ඉදිරියේ සිදුවන අසාධාරණය සහ අසමාන සැලකීම ගැන. ඇත්තටම සමාජයේ බොහෝ විට සිද්ධි වලදී වින්දිතයා වෙන්නෙ කාන්තාව. ඒ වගේම බැනුම් අහන්නෙ පිරිමියා. සමාජ මාධ්‍යයේත් මේක අපි නිතර දකිනවා. කාන්තාව රූමත් කෙනෙක් නම් එයා අපරාධකාරියක් උනත් කමක් නෑ . දන්නවනෙ මේ දවස් වල ලංකාවෙත් සිද්ධ වෙන දේ? ඉතිං මේ වගේම කතන්දර කීපයක් මලයාලි සිනමාවෙ මෑතකදි ආවා. මේකත් එකක්.
තරුණයෙක් යෝජනාවකින් කසාද බඳින එකෙන් තමයි කතාව පටන් ගන්නෙ. ඒත් දවස් දහයයි ඉන්නෙ මනමාලි යනවා. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය යටතේ තමයි තරුණයාට විරුද්ධව නඩු යන්නෙ. ඉතින් ඔහුගෙ ජීවිතේ උඩු යටිකුරු වෙනවා. හේතුව මේක බලල දැන ගම්මු.
අසිෆ් අලි. තුලසි,ජග්දීශ්, අසීස් නෙඩුමන්ගාඩ්, වැනි නළුවන් මේකෙ රඟපානවා. කුළුඳුලේ අධ්‍යක්ෂණය සේතුනාත් ප්‍රේම්කුමාර්.



