EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Roofman (2025) | “ රූෆ්මෑන්: වහලෙන් බැහැපු අමුත්තා ”

 

මේ කතාවේ ඉන්නෙ ‘ජෙෆ්රි මැන්චෙස්ටර්’ කියලා හමුදාවෙන් අයින් වුණ, ජීවිතේ අසාර්ථක වුණු කෙනෙක්. තමන්ගෙ දුවටවත් පොඩි තෑග්ගක් අරන් දෙන්න විදිහක් නැති තැන, එයා තමන්ගේ ‘නිරීක්ෂණ හැකියාව’ කියන සුපිරි බලය පාවිච්චි කරලා, කවුරුත් නොහිතන විදිහේ මංකොල්ලකෑම් සෙට් එකක් පටන් ගන්නවා. ඒ තමයි… මැක්ඩොනල්ඩ්ස් වගේ තැන්වල වහලෙන් බැහැලා හොරකම් කරන එක!

හැබැයි මෙයා හරිම මහත්මයෙක්, කාටවත් කරදරයක් නැති හොරෙක්.

කොහොමහරි මෙයා අහුවෙලා, අවුරුදු 45ක ලොකු හිර දඬුවමක් නියම වෙනවා. ඒත් තමන්ගෙ දරුවන්ගෙන් ඈත් වෙන්න වුණු එක දරාගන්න බැරි ජෙෆ්රි, හිතාගන්න බැරි විදිහට හිරෙන් පනිනවා!

ඉතින්, රටේම හොයන අපරාධකාරයෙක් වෙලත්, එයාට අලුත් ජීවිතයක් පටන් ගන්න පුළුවන් වෙයිද? එයාගේ පරණ ජීවිතේ එයාට ආයෙත් මුණගැහෙයිද?

මේක නිකම්ම නිකම් හොරකමක් ගැන කතාවක් නෙවෙයි, මේක පියෙක්, සැමියෙක් සහ අලුතින් ජීවිතේ පටන් ගන්න හදන මනුස්සයෙක් ගැන හිතට වදින කතාවක්.

හරි එහෙනම්, මෙතන ඉඳන් ඔයාට බාරයි.

Comments

November 23, 2025

❤️