EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Good Fortune (2025) | “ ජීවිත මාරු කළ දේව දූතයා ”

ඔන්න ඉතින් මේ සැරේ රගෙන ආවේ හිනාවෙලාම බඩ අල්ලාගන්න පුළුවන්, ඒ වගේම ටිකක් හිතන්නත් දෙයක් ඉතුරු කරන සුපිරි Fantasy-Comedy කතාවක් අරගෙනයි!

ඉතින් මේ කතාව ගලාගෙන යන්නේ ‘ආර්ජ්’ (Arj) කියන තරුණයා වටා. මෙයා කියන්නේ ජීවිතේ ගැන හැම බලාපොරොත්තුවක්ම අතඇරලා, “ඇමරිකානු සිහිනය මැරිලා” කියලා හිතන , තමන්ගෙම කාර් එකේ ජීවත් වෙන කෙනෙක්. ඔහොම ඉද්දි තමයි මෙයාට ‘ගේබ්‍රියල්’ (Gabriel) කියලා දේව දූතයෙක්ව හම්බවෙන්නේ. හැබැයි මෙයා අර ලොකු බලතල තියෙන කෙනෙක් නෙවෙයි, ටිකක් ‘බජට්’ ඒන්ජල් කෙනෙක්. එයාගේ ප්‍රධාන රාජකාරිය මිනිස්සු ටෙක්ස්ට් කර කර ඩ්‍රයිව් කරන එක නවත්තන එක විතරයි .

ඉතින් මේ ගේබ්‍රියල්, ආර්ජ්ට පාඩමක් උගන්නන්න හිතාගෙන, එයාගේ ජීවිතේ මාරු කරනවා ‘ජෙෆ්’ (Jeff) එක්ක. ජෙෆ් කියන්නේ සෝනා, අයිස් බාත් , මිල අධික කාර් සහ වොච් එක්ක සුපිරි සැප ජීවිතයක් ගත කරන කෝටිපතියෙක් .

ඒත් එක්කම තමයි කතාවේ ඔක්කොම අවුල් වෙන්න පටන් ගන්නේ. අලුතින් කෝටිපතියා වුණු ආර්ජ් සැපට හොඳටම පුරුදු වෙලා ආපහු මාරු වෙන්න ‘බෑ’ ම කියනවා. මේ අවුල නිසා ගේබ්‍රියල්ගෙ පියාපත් නැතිවෙලා එයත් මනුස්සයෙක් බවට පත් වෙනවා.

ඉතින්, තමන්ගෙ පරණ ජීවිතේ ආපහු ඉල්ලන ජෙෆ්ටයි, දැන් මනුස්සයෙක් වෙච්ච ගේබ්‍රියල්ටයි මේ අවුල විසඳගන්න පුළුවන් වෙයිද? ආර්ජ් මේ සැප අතඇරලා ආයෙත් පරණ තත්වෙට යන්න කැමති වෙයිද? මේ ඔක්කොම හිනාව, කුතුහලය කැටිවුණ මේ කතාවේ නම තමයි “Good Fortune”.

IMDb දර්ශකයේ ⭐ 6.6/10 ක අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා. මේක අධ්‍යක්ෂණය කරලා, පිටපත ලියලා, ප්‍රධාන චරිතය රඟපාන්නේ Aziz Ansari. ඒ වගේම අර කෝටිපතියා ‘ජෙෆ්’ විදිහට Seth Rogen සහ දේව දූතයා ‘ගේබ්‍රියල්’ විදිහට Keanu Reeves සුපිරියටම රඟපානවා.

හරි එහෙනම්, මෙතන ඉඳන් ඔයාට බාරයි. මේකත් රසවිඳින්න කියලා මතක් කරනවා!

Comments

December 17, 2025

❤️