EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Maintenance Required (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Guy Murray-Brown, Hilton Jamal Day, JJ McAllister, Lacey Uhlemeyer, Paul Morris, Sabrina Mota, Steven James Griffiths
Country:United Kingdom, United States of America
Year:2025
Subtitle By: ෂයිනි යෙහාරා (CineSubz.co)
Country: United States, United Kingdom
Cast
Go Full Cast PageMaintenance Required (2025)... නඩත්තු කිරීම අනිවාර්යයි...
ඔන්න අද ගෙනාව කතාව තමයි Maintenance Required (2025) කියන්නේ.
මේක Comedy, Romantic කැටගරි එකට අයත් වෙන ආදර කතාවක්. අද ගෙනාව මේ කතාවට IMDb අගය 5.2ක් තියෙනවා.
මේක රිලීස් උනේ 2025 ඔක්තෝබර් 08 වෙනිදා.
කතාවේ ආරම්භය මේමයි…
චාලි කියන්නේ එයාගේ තාත්තාගෙන් උරුම උන කාර් රෙපෙයාර් ශොප් එකක් කරගෙන යන කෙල්ලෙක්. එයාගේ යාලුවෝ දෙන්නා වෙන ඉසී සහ කැම් එක්ක තමා එයා ශොප් එක කරගෙන ගියේ. මේ අතර කාර් සංසදයකින් හම්බුන කෙනෙක් එක්ක චාලි කතාකරනවා.
ඒම ඉද්දි හදිස්සියේ එන ලොකු කම්පැනි එකක පොඩි ශාඛාවකින් චාලිගේ ශොප් එකට තරඟකාරීත්වයක් එනවා. ඒ ශොප් එක වැහෙන්න යනවා. ඉසීගේ අදහසක් නිසා පොඩ්ඩක් බේරගන්න පුලුවන් වෙනවා. ඒත් පස්සේ ප්‍රශ්න එනවා. ඒ කම්පැනි එකේ ඉන්න බෝ කියලා ප්‍රධාන කෙනෙක් එක්ක චාලිට කැමැත්තක් ඇතිවෙනවා එයා චාලිගේ ශොප් එකට ආව දවසේදිම. ඒම වෙන්නේ බෝ අර කම්පැනි එකේ කෙනෙක් කියලා නොදැනයි.
ඒ අතර චාලි අර කතාකරන කෙනා එක්ක චාලිට කැමැත්තක් හිතෙනවා, එයාටත් එහෙම වෙනවා. පස්සේ ඒ දෙන්නා හම්බෙන්න යනවා. ඒත් එයාලා පොටෝ එකකින් දැකලාවත්, දෙන්නාගේ නම් දැනගෙනවත් නෙමේ යන්නේ. මොකද, එයාලා ඒ කාර් සංසදේ ඉන්නේ ග්‍රීස්මන්කි සහ බුල්නෝස් විදියට. කෝමහරි, එයාලා හම්බෙන්න ගියාම සම්පූර්ණම දේවල් පටලැවිලා මොලේ කුරුවල් වෙන දෙයක් වෙනවා. ඒකෙන් වෙන දේවල් වලින් ඒ දෙන්නා අතර සම්බන්ධය සෑහෙන්න අවුල් යනවා.
ඉතින්, ඒ වෙන්නේ මොකක්ද? අන්තිමේදි එයාලා එකට ඉඳීවිද? චාලිගේ ශොප් එකට මොනා වෙයිද? ශොප් එක වැහේවිද?
ඒවා ඔයාලාම බලලා දැනගන්න කියලා ආරාධනා කරනවා…











