EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

One Battle After Another (2025) | “ එක සටනකට පසු තවත් සටනක් ”

මේ පාර මම ඔයාලට අරගෙන ආවේ මේ වසරේ නිකුත් වුණ මාස්ටර්පීස් එක ලෙස බොහෝ දෙනා හඳුන්වන One Battle After Another චිත්‍රපටය. මේ චිත්‍රපටයට මෙසේ හඳුන්වන්න හේතු කීපයක්ම තියෙනවා,

එකක් තමයි මේ චිත්‍රපටයට ලැබිලා තියෙන ප්‍රේක්ශක ප්‍රතිචාර. මනාප 163,000 කින් IMDb 8.0/10 ඉතාම ඉහල අගයකුත්, මනාප 1,243,564 කින් letterboxd හි 4.3/5 ඉහල අගයකුත්, Rotten Tomatoes 94% ඉතා නැවුම් ප්‍රතිශතයකුත් මීට ගන්න හැකිවෙලා තියෙනවා. රේටින් දැක්කහම කවර කතාද නේ?

තවත් එකක් තමයි මෙහි කාර්‍ය මන්ඩලය(අධ්‍යක්ෂණය, නළු නිළියන් ඇතුලු). ඒ අනුව මේක අධ්‍යක්ෂණය කරන්නේ There Will Be Blood, Boogie Nights, Magnolia වැනි විශිෂ්ට සිනමා නිර්මාණ ලොවට දායාද කරපු Paul Thomas Anderson මහතා විසින්. මේකට රංගනයෙන් දායක වෙනවා Leonardo DiCaprio, Sean Penn වැනි අග්‍රගන්‍ය නළුවන් සහ Benicio del Toro, Regina Hall, Teyana Taylor, Chase Infiniti වැනි අයත්.

මේක සිනමා ශාලා වලට නිකුත් කෙරුනේ 2025 සැප්තැම්බර් 26 වෙනිදා, අන්තර්ජාලයට පිටපත් නිකුත් වුණේ නොවැම්බර් 14 වෙනිදා. ඒ වගේම චිත්‍රපටය සෑදීමට ඇමරිකානු ඩොලර් මිලියන 175 පමන වැය වී ඇති අතර මෙයින් උපයලා තියෙනවා ඇමරිකානු ඩොලර් මිලියන 200ක්.

කතාව ගෙතෙන්නේ ඇමරිකාවේ ජාතිවාදි සල්ලිකාර බලවතුන් නිසා පීඩා විදින සරණාගතයන් සහ අහිංසක ජනතාව වෙනුවෙන් විප්ලව කරන ෆ්‍රෙන්ච් 75 නම් සංවිධානයක් වටායි. මෙහි ප්‍රධාන චරිත වෙන පර්ෆීඩියා සහ පැට් මේ සංවිධානේ සාමාජිකයන්. ඔවුන් මේ ගෙන යන විප්ලවය නිසා හමුධා නිළධාරී ස්ටීවන් ජේ. ලොක්ජෝ ගෙන් ඇවිවන ප්‍රශ්න මේ කතාවේ ප්‍රධාන වශයෙන් අපිට බලාගන්න පුළුවන් වෙනවා. ඒ මොනවද කියලා නම් කියන්න යන්නෑ මං, මොකද බලලා ඒවා රසවිඳින්න ඕන නිසා. මං කිව්වට වඩා සෑහෙන්න දේවල් මේකෙ සිද්ධ වෙනවා.

එහෙනම් මේක නරඹන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ කිව්ව කරුණු ටික ඇතිනේ බලනවා නම් බලන්න. මේ චිත්‍රපටය මේ තරම් කතා බහට ලක්වෙන්න, මේ තරම් රේටින් ලැබෙන්න හේතුවක් තියෙන්නම එපැයිනේ. ඔයාලත් බලලාම දැනගන්න ඒක.

Comments

December 22, 2025

❤️