EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Soulcatcher (2023) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Cast
Go Full Cast PageSoulcatcher (2023) | “ භයානක මෙහෙයුමක් ”
Soulcatcher යනු 2023 වසරේ Netflix හරහා නිකුත් වූ ක්‍රියාදාම (Action) චිත්‍රපටයක් . ඩැනියෙල් මාර්කොවිච් (Daniel Markowicz) විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙය පෝලන්ත චිත්‍රපටයක් වන අතර, යුධමය ක්‍රියාදාම සහ විද්‍යා ප්‍රබන්ධ (Sci-Fi) යන තේමාවන් දෙකම මෙහි අන්තර්ගත වෙනවා .
කතා පුවත මෙහි ප්‍රධාන චරිතය ‘Kiel’ නම් කුලී හේවායෙක් (Mercenary). ඔහු පුද්ගලික හමුදා සමාගමක සේවය කරන අතර . දරුණු පාලකයෙකු පාලනය කරන රටක ඇති “Soulcatcher” නම් විශේෂ ආයුධයක් සොයා ගැනීමේ භයානක මෙහෙයුමක් ඔහුට පැවරේ.
මෙම යන්ත්‍රය මුලින්ම නිපදවා ඇත්තේ පිළිකා රෝගීන් සුවපත් කිරීම සඳහා . නමුත් නරක මිනිසුන් පිරිසක් එය ආයුධයක් බවට පත් කර ගන්නවා . මෙම යන්ත්‍රයෙන් නිකුත් කරන කිරණක් මගින් මිනිසුන්ව සිහි කල්පනාව නැති, දරුණු මිනීමරුවන් බවට පත් කරයි. එය හරියටම සොම්බි (Zombie) වෛරසයක් වැනිය. නමුත් මෙහිදී එය සිදුවන්නේ තාක්ෂණය හරහා ය.
ඔබ Call of Duty වැනි වෙඩි තැබීමේ ක්‍රීඩා (pc Games) හෝ සොම්බි (Zombie) චිත්‍රපට වලට කැමති කෙනෙක් නම්, Soulcatcher ඔබට හරියටම ගැලපෙන චිත්‍රපටයකි. මෙය වීඩියෝ ගේම් එකක එන ‘මිෂන්’ (Mission) එකක් වැනි අත්දැකීමක් ලබා දෙයි.





