Cast
Go Full Cast PageVala: Story of a Bangle (2025) | වළල්ලක හබයක්
මේකත් බොහොම සරල ඒත් ලස්සන මලයාලම් කතාවක්. කතාවට පාදක වෙන්නෙ වළල්ලක්. මේක පටන් ගන්න කොටම පරම්පරා ගාණක ඈතට දිව යන අතීත කතාවක් දිග හැරෙනවා. ඉතින් ඒ කාලෙ නිපදවෙන පෞරාණික වළල්ලක් සියවස් ගණනාවක් තිස්සෙ ඇවිල්ලා මේ යුගයෙ කොහෙද නවතින්නෙ? ඉතින් කෙටියෙන්ම කියනව නම් මේ වළල්ල සඳහා දෙපාර්ශවයක් අයිතිවාසිකම් කියද්දි තව පාර්ශවයක් ඒකට ආශාවෙන් බැඳෙනවා. ඊට අමතරව එහි වටිනා කම නිසා තවත් අය ඒ ගැන ඇස ගසා ගෙන ඉන්නවා. අවසානයේ ඒක කාට හිමි වෙයිද? රජ කතා, අද්භූත කතා, වළල්ලේ අරුම පුදුම බලය ගැන කතාවක් නෙමෙයි මේක නූතන යුගයෙ සිද්ධ වෙන සරල කතන්දරයක් හැටියට සලකන්න.
ලුක්මන් අවාරන්, ධ්‍යාන් ශ්‍රීනිවසන්, රවීනා රවි, විජයරාඝවන් සහ ශාන්ති ක්‍රිෂ්ණා වැනි ප්‍රකට නළුවන් රැසක් මෙයට දායක වෙනවා. මුහාශින්ගේ අධ්‍යක්ෂණයක්.
Share
Links
Comments



