EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

Diesel (2025) | ධීවර අරගලයකට තුඩු දුන් බොර තෙල් නලය

මෙ සිනමාපටය නිකුත් වුනේ මේ අවුරුද්දේ(2025) ඔක්තෝම්බර් 17 වන දින, ඒ කියන්නේ දීපවාලි දවසේ. මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ Shanmugam Muthusamy විසින්. ඒ වගේම සංගීතය සැපයුයේ Dhibu Ninan Thomas විසින්. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය රගපාන්නේ Harish Kalyan. ඉතිං එයා කියලා තියෙනවා මේක තමයි එයා රගපාපු බජට් එකෙන් වැඩිම ෆිල්ම් එක මේක කියලා. ඊට අමතරව Vinay Rai, Athulya Ravi, P. Sai Kumar යන නළු නිලියනුත් මේ ෆිල්ම් එකෙ රගපානවා.

මේ ෆිල්ම් එකට බොක්ස් ඔෆිස් සාර්ථකත්වයට ලං වෙන්න බැරි උනා. හැබැයි ඉතිං මේ ෆිල්ම් එක කුතුහලයකිං එක දිගට බලාගෙන යන්න පුළුවන් එකක්. ඇත්තටම මේ ෆිල්ම් එකේ සබ් එක මං කරන්න හිතුවේ කතා තේමවවත්, එයින් දෙන පණිවිඩයට වඩා මේ ෆිල්ම් එකේ තියෙන ලස්සන සිංදුවක් හිංදා. ඒ සිංදුව නිකුත් උනා මේ ෆිල්ම් එක නිකුත් වෙන්න අවුරුදු 2 කට කලිං. ඒ නිසා මං ආස උන මේ ෆිල්ම් එකේ සබ් එක කරන්න.

Comments