EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
It Ends (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Alexander Ullom, Evan Barber
Country:United States of America
Year:2025
Subtitle By: මල්ෂා පතිරණ (Cinerulk )
Country: United States
Cast
Go Full Cast Pageඉවරයක් නැති ගමනක්
ඔන්න අද අරගෙන ආවේ 2025 අවුරුද්දේ නිකුත් වුණ, බලන අපේ ඔලුව අවුල් කරලා දාන (Mind-bending) සුපිරිම ෆිල්ම් එකක්. මේක නිකම්ම Horror ෆිල්ම් එකක් කිව්වොත් වැරදියි. මේක Psychological Horror සහ Sci-Fi කියන කාණ්ඩ වලට තමයි අයිති වෙන්නේ.
කතාව ගැන කිව්වොත්, යාළුවෝ හතර දෙනෙක් රෑ කෑමක් කන්න පොඩි ගමනක් යන්න ලෑස්ති වෙලා කාර් එකක නගිනවා. හැබැයි මෙයාලා නොදැනුවත්වම දාන එක වැරදි ටර්න් එකක් නිසා ජීවිතේ කවදාවත් නොහිතපු අකරතැබ්බයකට මූණ දෙන්න වෙනවා. මෙයාලා යන පාරේ ඉවරයක් නෑ… කොච්චර ඉස්සරහට ගියත් පාර දිගටම තියෙනවා. ඉතින් මේ “ඉවරයක් නැති පාරේ” කාර් එකක් ඇතුලේ හිරවෙන මේ හතර දෙනාට මොකද වෙන්නේ? එලියේ තියෙන අද්භූත බලවේග මොනවද? කියන එක තමයි මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන්.
Alexander Ullom විසින් අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එක SXSW 2025 සිනමා උළෙලේදී (Film Festival) විචාරකයන්ගේ ඉහළම පැසසුම් ලබාගත්තා. ලොකු වියදමක් දරලා හදපු ෆිල්ම් එකක් නොවුණට, මේකේ තියෙන “Existential Horror” ගතිය නිසාම බලන කෙනාව පුදුම විදිහට කතාවට ඇදලා ගන්නවා. සමහර විචාරකයින් මේක හඳුන්වන්නේ “Horror Hangout” මූවි එකක් විදිහට. Phinehas Yoon, Akira Jackson ඇතුළු අලුත් නළු නිළියන් සෙට් එකක් තමයි මේකට රංගනයෙන් දායක වෙන්නේ.
හරි එහෙනම් මෙතන ඉඳන් ඔයාට බාරයි..











