EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Not My Family: The Monique Smith Story (2025) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Tailiah Breon
Cast
Go Full Cast Pageමගේ පවුල නෙමෙයි: මොනික් ස්මිත්ගේ කතාව
ඔන්න අද අරගෙන ආවේ Drama සහ Thriller කියන ශානර වලට වැටෙන, ඒ වගේම ඇත්තම සිදුවීමක් (True Story) පදනම් කරගෙන හදපු හරිම සංවේදී කතාවක්. මේක Lifetime නාලිකාව හරහා නිකුත් වුණ, බලන කෙනෙක්ගේ ඇස් වලට කඳුළු එන ජාතියේ ෆිල්ම් එකක්.
කතාව ගලාගෙන යන්නේ “මොනික් ස්මිත්” කියන කාන්තාව වටා. පොඩි කාලේ ඉඳලම එයාගේ පවුලේ අයගෙන් එයාට පුදුම වධ හිංසා (Abuse) විඳින්න වෙනවා. හැබැයි දවසක එයාට එයාගේ ජීවිතේ ලොකුම රහස දැනගන්න ලැබෙනවා. ඒ තමයි එයාට මේ තරම් වධ දෙන මේ අය එයාගේ ඇත්තම පවුල නෙමෙයි කියන එක. තමන්ගේ නම, අනන්‍යතාවය මේ හැමදේම බොරුවක් කියලා දැනගත්තම කෙනෙක්ට මොනවා හිතෙයිද? එතනින් එහාට මොනික් එයාගේ ඇත්තම අම්මා තාත්තා හොයාගෙන, තමන්ගේ ඇත්තම අනන්‍යතාවය හොයාගෙන යන දුෂ්කර ගමන තමයි මේ ෆිල්ම් එකෙන් බලාගන්න පුළුවන්.
මේකේ මොනික් ස්මිත්ගේ චරිතයට රඟපාන්නේ අපි කවුරුත් දන්න දක්ෂ නිළියක් වන Yaya DaCosta විසින්. එයාගේ රංගනය නිසාම මේ ෆිල්ම් එකට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබිලා තියෙනවා. Tailiah Breon තමයි මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ. පවුලක් ඇතුලේ සිද්ධ වෙන අමිහිරි සිදුවීම් සහ කෙනෙක් තමන්ගේ අයිතිය වෙනුවෙන් කරන සටනක් මේකෙන් හරිම අපූරුවට පෙන්නනවා.
හරි එහෙනම් මෙතන ඉඳන් ඔයාට බාරයි..

