EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

කාලය හරහා..

Time Loop එහෙමත් නැත්නම් කාලය ඇතුලේ හිරවෙන කතා තේමාවන් (Concept) ගැන අපි ඕන තරම් ෆිල්ම් දැකලා තියෙනවා (Edge of Tomorrow, Happy Death Day වගේ). හැබැයි මේක ඒ හැම එකකටම වඩා ටිකක් වෙනස්, ආතල් එකේ බලන්න පුළුවන් Sci-Fi / Action චිත්‍රපටයක්.

කතාව ගැන කෙටියෙන්: රෝයි පල්වර් (Frank Grillo) කියන්නේ කලින් ඩෙල්ටා ෆෝස් එකේ හිටපු විශේෂ බලකා සෙබළෙක්. මිනිහා හැමදාම උදේ ඇහැරෙන්නේ එකම වෙලාවට. ඇහැරුණු වෙලාවේ ඉඳලා කුලියට මිනී මරන ඝාතකයෝ සෙට් එකක් පන්න පන්න මිනිහව මරන්න හදනවා. කොච්චර ට්‍රයි කළත් දවසේ අන්තිමට රෝයි මැරෙනවා. හැබැයි මැරුණට පස්සේ ආයෙත් අර විදිහටම උදේ ඇහැරෙනවා.

හරියට අපි Video Game එකක් ගහද්දි මැරුණම ආයේ මුල ඉඳන් පටන් ගන්නවා වගේ වැඩක් තමයි මෙතන වෙන්නේ. රෝයිට ඕන කරනවා මේකෙන් ගැලවෙන්න නම් එයාගේ බිරිඳ (Naomi Watts) මේකට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා හොයාගන්න. ඒ වගේම මේකේ මහ මොළකරු වෙන කර්නල් ක්ලයිව් (Mel Gibson) ගෙන් බේරෙන්න. රෝයිට මේ “Boss Level” එක ගහලා දිනන්න පුළුවන් වෙයිද?

Comments