EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා

ලෝක ප්‍රකට නිළි ඩෙමී මුවර් (Demi Moore) රඟපාන මේ සිනමාපටය, ඇමරිකානු නාවික හමුදාවේ “Navy SEAL” පුහුණුව සඳහා සහභාගී වන පළමු කාන්තාව ගැනයි. මේ පුහුණුව කියන්නේ පිරිමින්ට පවා දරාගන්න බැරි තරම් අතිශය දුෂ්කර, මානසික සහ ශාරීරික ශක්තිය උපරිමයටම පරීක්ෂා කරන එකක්.

විශේෂයෙන්ම මේ චිත්‍රපටයේ එන ඩෙමී මුවර් තමන්ගේ කොණ්ඩය සම්පූර්ණයෙන්ම බා දමන ඒ සුප්‍රකට දර්ශනය, ඇය මේ අභියෝගයට කෙතරම් කැපවී සිටිනවාද යන්න පෙන්වන ප්‍රබල අවස්ථාවක්. කාන්තාවන්ට මේ වගේ දේවල් කරන්න බැහැ කියන මතයේ ඉන්න පිරිමි නිලධාරීන් මැද, ඇය තමන්ගේ ආත්මශක්තියෙන් සහ කැපවීමෙන් ඒ හැමෝටම අභියෝග කරන්නේ කොහොමද කියලා මේක බලලම දැනගන්න.

මේ චිත්‍රපටයේ තියෙන සින්දු වල පද පේළි කතාවේ ගලායාමට සහ එහි හැඟීම් ප්‍රකාශ කරන්න ලොකු රුකුලක් වෙනවා. ඒ නිසාම මම මේ චිත්‍රපටයේ එන සින්දුත් සිංහලට පරිවර්තනය කරන්න උපරිම උත්සාහයක් ගත්තා. හැබැයි ඉතින් ඔයාලා දන්නවා ඉංග්‍රීසි සින්දු වල තියෙන සැබෑ අර්ථය ඒ විදිහටම සිංහලට හරවන එක හරිම අමාරු වැඩක්. එහිදී යම් යම් අඩුපාඩු හෝ අර්ථයේ වෙනස්කම් වුණා නම් ඒ ගැන මම ඔයාලගෙන් කල්තියාම සමාව ඉල්ලනවා.

Comments