Cast
Go Full Cast Pageඅද මම අරගෙන ආවේ නිකන්ම නිකන් කතාවක් නෙවෙයි. කොරියානු කතා මාලා රසිකයෙක් නම් “Hong Sisters” (හොන්ග් සහෝදරියන්) ගැන අමුතුවෙන් කියන්න ඕන නෑනේ. Hotel Del Luna, Alchemy of Souls, Master’s Sun වගේ සුපිරිම කතා ලියපු ඒ දෙන්නගේ අලුත්ම මාස්ටර්පීස් එක තමයි මේ අරගෙන ආවේ.
කතාව ගැන පොඩි ඉඟියක් දෙනවා නම්, මේක ගෙතෙන්නේ භාෂා පරිවර්තකයෙක් (Interpreter) සහ ජනප්‍රිය නිළියක් වටා.
ජූ හෝ-ජින් (Kim Seon-ho) කියන්නේ ඉංග්‍රීසි, ජපන්, ඉතාලි වගේ භාෂා ගණනාවක් කට පාඩම් තියෙන දක්ෂ භාෂා පරිවර්තකයෙක්. එයාට ඕනෑම වචනයක් තවත් භාෂාවකට හරවන්න පුළුවන් වුණාට, “ආදරය” කියන භාෂාව තේරුම් ගන්න එක නම් එයාට ටිකක් අමාරු වැඩක්. අනිත් පැත්තෙන් ඉන්නේ චා මූ-හී (Go Youn-jung). ඇය ලෝකේ වටේම යන්න සිද්ධ වෙන, තනිවෙච්ච සුපිරි තරුවක්.
හෝ-ජින්ට සිද්ධ වෙනවා මූ-හීගේ පුද්ගලික පරිවර්තකයා විදිහට වැඩ කරන්න. හැබැයි මේ දෙන්නා ආදරය ගැන හිතන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් විදිහට. වචන වලින් හරියටම අදහස් හුවමාරු කරගන්න පුළුවන් වුණත්, හිතේ තියෙන හැඟීම් පරිවර්තනය කරගන්න බැරුව මේ දෙන්නා අතර ඇතිවෙන රණ්ඩුවලින් සහ විහිළු වලින් නම් මේ කතාව අඩුවක් වෙන්නේ නෑ.
ඉතින්, වචනවලට එහා ගිය ආදරයක් තේරුම් ගන්න මේ දෙන්නට පුළුවන් වෙයිද? මූ-හීගේ හිත දිනාගන්න හෝ-ජින්ට එයා දන්න භාෂා ටික ප්‍රමාණවත් වෙයිද?
වෙනස්ම විදියේ Rom-Com අත්දැකීමක් විඳගන්න කැමති ඔයාලගේ List එකේ මුලටම දාගන්න පුළුවන් ලස්සන කතාවක් තමයි මේක. එහෙනම් හැමෝටම ආරාධනා කරනවා මේ ලස්සන ආදර කතාව නරඹන්න කියලා.
සිංහල උපසිරැසි ගැන්වීම Cineru උපසිරැසි අංශයේ ප්‍රමුඛ විශ්වජිත් විසින්.
- 1
Episode 1 Jan. 16, 2026 - 2
Episode 2 Jan. 16, 2026 - 3
Episode 3 Jan. 16, 2026 - 4
Episode 4 Jan. 16, 2026 - 5
Episode 5 Jan. 16, 2026 - 6
Episode 6 Jan. 16, 2026 - 7
Episode 7 Jan. 16, 2026 - 8
Episode 8 Jan. 16, 2026 - 9
Episode 9 Jan. 16, 2026 - 10
Episode 10 Jan. 16, 2026 - 11
Episode 11 Jan. 16, 2026 - 12
Episode 12 [ S01 Last Episode ] Jan. 16, 2026












