Cast
Go Full Cast Page📖 වැලැඩ්මියර්: ගිනිගත් මහාචාර්යවරියගේ අමුතු ප්‍රේමය
විශ්වවිද්‍යාලයේ කොරිඩෝව දිගේ ඇවිද යන “M” ගේ හිතේ තිබුණේ ලොකු බරක්. ඇය දක්ෂ ඉංග්‍රීසි මහාචාර්යවරියක් වුණත්, ඇගේ පෞද්ගලික ජීවිතය තිබුණේ හරිම අවුලක. මැදිවියේ පසුවන ඇයට තම විවාහ ජීවිතය දැන් මළකෑව යකඩයක් වගේ දැනෙන්න පටන් අරන්. ඇගේ සැමියා වන ජෝන්, විශ්වවිද්‍යාලයේ ලොකු scandal එකකට පැටලිලා මුළු කැම්පස් එකේම අපකීර්තියට පත්වෙලා හිටියේ.
මේ හැම ප්‍රශ්නයක් මැදම ඇයට දැනුණේ තමන්ගේ ජීවිතය නීරස, කළු-සුදු චිත්‍රපටයක් වගේ කියලයි. ඒත් එක දවසක් ඒ හැමදේම වෙනස් වුණා.
ඒ තමයි වැලැඩ්මියර්ගේ පැමිණීම!
ඔහු අලුතින්ම ආපු තරුණ කථිකාචාර්යවරයෙක්. දකින ඕනෑම කෙනෙක් වශී වෙන සුළු පෙනුමක් ඔහුට තිබුණා. වැලැඩ්මියර් කියන්නේ නිකම්ම නිකම් පිරිමියෙක් නෙවෙයි; ඔහු හරියට චුම්භකයක් වගේ. ඔහු “M” ගේ කාර්යාලයට පය තබපු මොහොතේම, ඇගේ පාලු වෙලා තිබුණු හදවතේ අමුතුම ගින්දරක් ඇවිලෙන්න ගත්තා.
“M” දැනගෙන හිටියා තමන් කරන්නේ ලොකු වරදක් කියලා. ඇය විවාහකයි, ඇය ඔහුට වඩා වයසින් වැඩි ප්‍රාඥයෙක්. ඒත් වැලැඩ්මියර්ගේ ඒ අභිරහස් සිනහව ඉදිරියේ ඇගේ පාලනය ගිලිහී ගියා. ඔහුගේ නම පවා ඇයට ඇසුණේ සංගීතයක් වගේ.
කතාව මෙතැනින් පටන් ගන්නා විට, ඔබ දකින්නේ ආදරයක් විතරක් නෙවෙයි; ඒ ආදරය පිටුපස සැඟවුණු අඳුරු හාස්‍යය (Dark Humor) සහ නොසන්සුන්කාරී කුතුහලයයි. ඇය මේ තරුණයා වෙනුවෙන් තමන්ගේ මුළු ජීවිතයම පරදුවට තියන්න සූදානම්ද? නැත්නම් වැලැඩ්මියර් කියන්නේ ඇයව විනාශ කරන්න ආපු තවත් එක මායාවක් විතරක්ද?
ඔබට හිතෙනවා ඇති “M” කරන්නේ ලොකු මෝඩකමක් කියලා. ඒත් ඇගේ දෑස් දෙස බලන විට, ඔබත් නොදැනුවත්වම ඇගේ පාර්ශවය ගන්නවා නේද? අන්න ඒකයි මේ කතාවේ තියෙන අපූරු මායාව.
සිංහල උපසිරැසි ගැන්වීම CineSubz.lk උපසිරැසි අංශයේ ධනංජය විසින්.
- 1
We Have Always Lived in the Castle Mar. 05, 2026 - 2
The Awakening Mar. 05, 2026 - 3
Enormous Changes at the Last Minute Mar. 05, 2026 - 4
Bad Behavior Mar. 05, 2026 - 5
Play It as It Lays Mar. 05, 2026 - 6
Because It Is Bitter and Because It Is My Heart Mar. 05, 2026 - 7
Everything That Rises Must Converge Mar. 05, 2026 - 8
Against Interpretation [S01 Last Episode] Mar. 05, 2026














