EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

මාර්ක්

ඉතින්, අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ 2025 වසරේ කන්නඩ සිනමාවෙන් නිකුත් වුණ සුපිරිම ඇක්ෂන් ෆිල්ම් එකක් වෙන Mark චිත්‍රපටයට. මේක නිකන්ම ෆිල්ම් එකක් නෙවෙයි, කුතුහලය පිරුණු High-Voltage Action Thriller චිත්‍රපටයක්.

මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Vijay Karthikeyaa විසින්. ඒ වගේම ප්‍රධාන චරිතය වන අජේ මාර්කණ්ඩේයා හෙවත් ‘මාර්ක්’ ගේ චරිතයට පණ පොවන්නේ Sudeepa විසින්.

ඉතින් කතාව ගැන කියනවනම්, එකපාරටම ළමයි 18 දෙනෙක් නගරයෙන් අතුරුදහන් වෙනවා. මේක පිටිපස්සේ ඉන්නේ භද්‍රා, රුද්‍රා සහ ස්ටීවන් රාජ් වගේ භයානක පාතාල නායකයෝ සහ දේශපාලන බලවතුන්. මුළු පොලිසියම මේක විසඳගන්න බැරුව හිරවෙලා ඉද්දි, වැඩ තහනමට ලක්වෙලා ඉන්න දරුණු පොලිස් නිලධාරියෙක් වන ‘මාර්ක්’ මේ ගේම් එකට එන්ටර් වෙනවා.

ඩොලර්ස්, මිනීමැරුම් සහ දේශපාලන කුමන්ත්‍රණ අස්සෙ මාර්ක් කොහොමද මේ ළමයි ටික බේරගන්නේ? එයා ඇත්තටම ඉන්නේ ළමයි බේරගන්නද නැත්නම් පරණ පලියක් ගන්නද? මේක ඔයාලා හිතන සාමාන්‍ය පොලිස් කතාවක් නම් නෙවෙයි, අන්තිම තත්පරේ වෙනකම්ම හුස්ම හිරවෙන ගැම්මක් තියෙන ෆිල්ම් එකක්. මීට වඩා මම මොනවත් කියන්නෙ නෑ, ඔයාලටම බලන්න ආරාධනා කරනවා.

Comments