ඉතිරි වූ දෙය
මලයාලම් බසින් “ශේෂිප්පු” කියන්නේ “ඉතිරි වූ දෙය” වැනි අදහසක්. මේ චිත්රපටයත් හරියට අපේ ජීවිතවල ඉතිරි වෙන වේදනාත්මක මතකයන් සහ තනිකම ගැන කතා කරන අපූරු සිනමා අත්දැකීමක්.
කතාවේ සාරාංශය
කතාව ගෙතෙන්නේ පවී (Pavi) කියන ලේඛකයෙක් සහ අංජු (Anju) කියන තරුණියක් වටායි. පවී කියන්නේ හුදෙකලාව ජීවත් වෙන්න කැමති නිදහස් ලේඛකයෙක්. අහඹු ලෙස මොහුට මුණගැසෙන අංජු, අතීතයේ දරුණු කම්පනයකට (Trauma) ලක්වුණු තැනැත්තියක්. මේ හුදෙකලා වූ, බිඳුණු හදවත් දෙක එකිනෙකාට මුණගැසුණු විට ඔවුන්ගේ ජීවිත වෙනස් වන ආකාරයත්, ඔවුන් එකිනෙකාගෙන් සහනයක් සොයා ගන්නා ආකාරයත් ඉතාමත් සංවේදීව මෙහි නිරූපණය කර තිබෙනවා.
Share
Links
Comments

