ඔන්න ඉතින් හැමෝටම ආයුබෝවන්!

අද අපි කතා කරන්න යන්නේ ඇත්තටම පට්ටම thriller series එකක් ගැන. The Iris Affair කියලා Sky Original එකක්. Luther, The Bourne Identity වගේ දේවල් වලට කැමති අය ඉන්නවනේ – ඔන්න ඒ අයට මේක හරියටම හරි.

කතාව මෙහෙමයි…

Iris Nixon කියන කෙල්ලක් ඉන්නවා. මෙයාගේ මොළේ වැඩ කරන්නේ එකම විදියකට නෙමෙයි – computer එකක් වගේ. ඕනෑම code එකක් crack කරන්න පුළුවන්, ඕනෑම puzzle එකක් විසඳන්න පුළුවන්. හැබැයි problem එක තමයි – මෙයා ඕන තරම් smart උනාට, වැරදි job එකකට yes කිවුවා.

Italy වලට, Florence වලට කෙනෙක් මෙයාව invite කරනවා puzzles විසඳන්න. මේ puzzles විතරක් නෙමෙයි – ඇත්තටම මේක trap එකක්. ඔන්න එතන Cameron Beck කියන billionaire කෙනෙක් එනවා (Tom Hollander – The White Lotus එකේ ඒ uncle කෙනා මතක ඇති). මේ මනුස්සයා කියනවා “මට ඔයා ඕන special technology project එකක්” කියලා.

හැබැයි Iris දැනගන්නවා මේ technology එක භයානක දෙයක් කියලා – මේකෙන් ලෝකේම වෙනස් කරන්න පුළුවන්, හෝ විනාශ කරන්න පුළුවන්. ඉතින් මෙයා මොකද කරන්නේ? Activation code එක හොරකම් කරලා හැංගිලා යනවා!

ඊට පස්සේ තමයි බලාගන්න විදියක් නැති chase scenes.

Sardinia වල remote cabin වලින් පටන් ගෙන Rome වල streets වල දක්වා. Game of Thronesඑකේ Tormund (red hair giant කෙනා) පවා මේකේ ඉන්නවා! Italy පුරා දුවනවා, හැංගෙනවා, පැනෙනවා – බලන අයටත් හුස්ම හිර වෙන විදිහට action තියෙනවා.

හැබැයි මේක නිකන්ම action series එකක් විතරක් නෙවෙයි.

මේකේ තියෙන්නේ අපි හැමෝම බය වෙන දෙයක් ගැන – technology වැඩියට powerful වුනාම මොකද වෙන්නේ කියන එක. Iris ට තියෙනවා පොළොවේ dangerous තමයි information එක. මෙයා hero කෙනෙක්ද villain කෙනෙක්ද කියලා කියන්නත් අමාරුයි. Niamh Algar (Iris role එක) acting quality එක පට්ටයි – මෙයාගේ character එක Will Hunting, Jason Bourne, හැම එකාම එකතු කරල mix කරල හදපු වගේ.

සුපිරිම දේ තමයි – title track එක Siouxsie Sioux ගේ. James Bond movies වල feel එක එනවා. ඔය intro music එක ඇහුවම ඔයාට හිතෙනවා ඔයාම තමයි main character කියලා!

මේ technology එකෙන් මිනිස්සු බේරන්නද, විනාශ කරන්නද?” කියන තේමාව මේ series එකෙන් සුපිරියටම පෙන්නනවා. Oppenheimer movie එකේ වගේ deep questions තියෙනවා, හැබැයි sports cars, Italian cities වගේ style එකත් තියෙනවා.

ඉතින් බලන්න ඕන ද?

අන්තිම උත්තරය – ඔව්! Episodes 8ම දැන් streaming වෙනවා. Weekend එකට squad එක එකතු කරගෙන බලන්න. හරියට 3AM වෙනකල් “how to solve ciphers” කියලා Google කරන තත්වෙට යනවා guarantee!

Schedule එක clear කරගෙන, friends ලව කතා කරලා, බලන්න පටන් ගන්න. Trust කරන්න – මේක ඔයාගේ watchlist එකේ number one spot එකට ගහන්න ඕන series එක.

ජයවේවා හැමෝටම! 🔥

සිංහල උපසිරැසි ගැන්වීම CineSubz.lk උපසිරැසි අංශයේ ධනංජය විසින්.

Comments