විශ්මයජනක අලි පැටියා ඩම්බෝ…!!

– මේ යකාගේ කියවිල්ල ඉවරයක් වෙන්නේ නැද්ද? ෆිල්ම් එක බලන්න දෙන්නෙත් නැද්ද?
*එහෙම යන්න දෙන්න පුළුවන්ද හොද හොද කතා ටික කියන්න එපැයි.
-ඒ කියන්නේ තවත් තියෙනවද?
*අපෝ නෑ. දැන් නම් ඉවරයි.

මෙන්න එහෙනම් ඔයාලගේ අවස්තාව මේ කතාව නරඹන්න. පවුලේ හැමෝම එක්ක එකට වාඩි වෙලා සතුට, දුක, කුතුහලය පිරි මේ කතාව නරඹන්න. පොඩි අයට හුගක් දේවල් කියාදෙන්න පුළුවන් කතාව නරඹන්න. එහෙනම් මෙන්න මම ගියා ඔයාලට මේ චිත්‍රපටය බලන්න ඉඩ කඩ ලබා දීලා. කතාව ගැන ඉතින් වැඩිය කියන්න යන්නේ නෑ. සර්කස් එකක් තියෙනවා, ඒ සර්කස් එක බංකොලොත් වෙන්න හරිම ළගයි. එහෙම ඉන්නකොට කලින් මේ සර්කස් එකේ හිටපු කෙනෙක් (යුධ හමුදා භටයෙක්) නැවත මේ සර්කස් එකට එනවා. මේ කෙනාගේ පවුල සර්කස් එකේ කරලා තියෙන්නේ අශ්වයන් එක්ක වැඩ දාන එක. ඒත් දැන් සර්කස් එකේ ලොක්කා අශ්වයෝ ටික විකුණලා ඒ වෙනුවට අලි ටිකක් අරගෙන, ඒ අතරින් එක අලි අම්මා කෙනෙක්ට හම්බුවෙන්නේ එසේ මෙසේ පැටියෙක් නෙමෙයි ලොකු කන් දෙකක් තියෙන අලි පැටියෙක්. ඉතින් මේ අලින්ව බලාගන්න වැඩේ පැවරෙන්නේ මේ ආපහු ආව යුධ හමුදා භටයටයි එයාගේ දරුවන්ටයි, එතන ඉදලා මේ පුංචි අලි පැටියා ලොකු කන්වලින් පියාබන්න උත්සහ කරනවා, ඒත් හිටි හැටියේ නගරයේ ඉන්න ලොකු ධනවතෙක් ඇවිල්ල මේ සර්කස් එකේ අයිතිකාරයා එක්ක ගිවිසුමක් ගැහුව නිසා ඔක්කම වෙනස් වෙනවා. මේ ඇති, වැඩිය කිව්වම ගතියක් නෑ. බලන්නකෝ එහෙනම් අරගෙන. තවත් කියන්න නම් කරුණු බෝහොමයි ඒත් මේ ඇති කියලා හිතනවා. හොදම සහ වටිනම තොරතුරු ටික තමා ඔය කිව්වේ.

Comments