EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

කඳුකර වැසියා 1

අමුතුම ආකාරයේ චිත්‍රපට මාලාවක පලවෙනි එක. ඇත්තටම මම මේ චිත්‍රපට මාලාව ගැන දැනගෙන හිටියේ නැ. මගේ උපසිරසි සඳහා නිතරම කමෙන්ට් කරන අසිත කියල යාලුවෙක් තමා මේ චිත්‍රපටය සඳහා උපසිරසි කරන්න කියල මාව දැනුවත් කලේ. ඉතින් හොයල බලනකොට සුපිරි චිත්‍රපටයක්. ඉතින් ඔන්න ඔයාලට මම ඒක අරගෙන ආවා. ඒ වගේම අසිත සහෝ, බොහොම ස්තුතියි මේ චිත්‍රපට ගැන මාව දැනුවත් කලාට. ඇත්තටම මේකේ කොටස් පහක් තියනවා. මම දැනගත්තේ මේ ලිපිය සොයන්න තොරතුරු හොයන කොට. ඉතින් ඉදිරි කාලයේ පුළුවන් උනොත් අනිත් කොටස් ටිකත් අරන් එන්න බලන්නම්. ඒත් පොඩි කාලයක් යාවි. මොකද බාර ගත්ත කිහිපයක් තියනවා ඉස්සෙල්ලා ඉවර කරන්න. කොහොම උනත් IMDb 7.2 වෙච්ච මේ සුපිරි චිත්‍රපටය Action, Adventure, Fantasy ගණයට අයිති වෙනවා.

කතාව ගැන කියනවා නම් ලෝකේ ඉන්නවා අමරණිය මිනිස් කොට්ටාශයක්. එයාල මරන්න පුළුවන් බෙල්ල වෙන් වෙන්න කපා දැමීමෙන් පමණයි. ඒ වගේම එයාලගේ සම්ප්‍රදායක් තියනවා එකිනෙකා මරා ගන්න එක ලෝකේ එක්කෙනෙක් ඉතිරි වෙනකම්. අන්තිමට ඉතිරිවෙන කෙනා තමා හයිලන්ඩර් නොහොත් කඳුකර වැසියා වෙන්නේ. ඉතින් මේ වැඩේ වර්ෂ ගණනාවක් තිස්සේ වෙනවා. එත් එක්කෙනෙක් මේ අතරේ විශේෂයි. ඒ කොහොමද, එයා මේ සම්ප්‍රදාය ඉදිරියට අරන් යාවිද නැතිනම් වෙනස් කරාවිද දැනගන්න ඔයාලට මේ චිත්‍රපටය බලන්නම වෙනවා.

මම ඊළඟට අරන් එන්නේ සුපිරි වීරයෙක් ගේ කතාවක්. ඇත්තටම ඔයාල හොඳටම දන්නා සුපිරි වීරයෙක්. ඒත් මේ චිත්‍රපටය ගැන බොහෝ දෙනෙක් දන්නේ නැ කියල කියන්න පුළුවන්.

Comments