Karan Johar විසින් නිශ්පාදනය කරපු පහු ගිය 27 වැනිදා නෙට්ෆිලික්ස් වලින් නිකුත් කරපු චිත්‍රපටියක් තමයි අද මේ අරන් ආවේ. මෙහි ප්‍රධාන චරිත විදියට Konkona Sen Sharma හා Pratibha Ranta රංඟනයෙන් දායක වෙනවා… චිත්‍රපටිය ගැන ලොකු කතාවක් නම් කියන්න නැහැ පොඩි හැදින්විමක් කරන්නම්… ඩොක්ටර් ගීතිකා කියන්නේ ලන්ඩන් හොස්පිටල් එකක ශල්‍ය වෛද්‍යවරියක්. ඇය තමයි රෝහලේ ඉන්න හොදම කෙනා. හැබැයි ඩොක්ටර් ගීතිකා වැඩ වලදි ටිකක් සීරියස්. පොඩි හරි දෙයක් කාගේ අතින් හරි වැරදුනොත් කෙලින්ම අස් කරනවා හෝ මුළු සේවක මණ්ඩලය ඉස්සරහාම බැන වදිනවා. මේ නිසා ඉස්පිරිතාලේ එයා යටතේ වැඩ කරන අය නම් ඉන්නේ සතුටින් නෙමෙයි. මේ අතර වාරයේ තමයි ගීතිකා විසින් එතැනට ඇය යටතේ වැඩ කරන තරුණ ගැහැණු ළමයින්ට හා රොඟින්ට සමලිංගික විදියට බලාහත්කාරකම් කරනවා කියලා නන්නාදුනන ඊමේල් කිහිපයක් ඉස්පිරිතාලේ ඉහලට යන්නේ. ඇත්තටම ගීතිකා එහෙම කෙනෙක්ද? නැත්නම් ඉස්පිරිතාලේ කවුරු හරි මේක පලිගන්න කරපු දෙයක්ද? ඔන්න ඕක තමයි චිත්‍රපටියේ දිගහැරෙන්නේ. මේක ඩ්‍රාමා ටයිප් ෆිල්ම් එකක්. ඒ කතා වලට ආස අය අරන් බලන්න.

Comments