කතාව පැත්තට හැරෙනවා නම් Doom at Your Service එකේ මයුල් මාං (Seo In Guk) ඔයාලට මතකයි නේද? අන්න එයා තමයි ප්‍රධාන චරිතේ විදියට මේකේ රඟපාන්නේ, සියෝ මි-රේ (Ji soo) කියන්නේ වෙබ්ටූන් සමාගමක වැඩ කරන නිෂ්පාදකවරියක්, ඉතින් දින චර්යාවකට වැඩ කරන මී-රේට වෙලාව කියන්නේ ගොඩක් වටිනා දෙයක්, වෙලාව වෙන් කරගෙන අකුරටම වැඩ කරන මි-රේට තමන්ගේ දින චර්යාවෙන් පිට දෙයක් කරන්න වුනොත් කොහොමද? ඉතින් දවසක් මි-රේට ඩේටින් සිමියුලේශන් එකකට සමාලෝචනයක් දෙන්න චාන්ස් එකක් ලැබෙනවා, මේක ටිකක් විශේෂ ඩේටින් සිමියුලේශන් එකක් මොකද කියනවා නම් ඒ උපාංගයට සම්බන්ධ වුනාට පස්සෙ ඒක ඇත්තක් වගේම දැනෙනවා, ඩේටින් කියන්නේ ඉතින් ඩේටින් තමයි, පෙම්වතෙක් එක්ක ඩේට් එකකට ගිහින් එයා ගැන සමාලෝචනයක් කරන්න තමයි තියෙන්නේ…

එහෙනම් අපි මි-රේගේ පෙම්වතුන් ලිස්ට් එක බලමුද?

ඒ අතරින් ඇයට ගැලපෙන කෙනෙක් ඉදිවිද?

ඇත්ත ජිවිතේ මි-රේට ගැලපෙන කෙනෙක් නැද්ද?

මේ ප්‍රශ්න වලට උත්තර අපි කතාව බලලාම දැනගමුකෝ,

 

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Cineru.lk උපසිරැසි අංශයේ සුදිෂ්නි ජාසිංහ සහ උචිනි පෙරේරා විසින්.

Comments

March 12, 2026

me kathawa nam supiriyak. mara asawen balanna hithena lassana kathawak. aluthin episode dala thiyenawa dakkama puduma sathutak enne. sub dala ikmanin episode tika danawata thank youuuu…

March 16, 2026

episode tika ikmanata dala Complete karata thank youuuuuuuuuu….. me wage lassana thawa katha dannaakam balan innawaaaa api…..

April 23, 2026

Supiri lassana kathawak ……….
Thanks Cinesubz