EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageපහුගිය ජනවාරි 30 වැනිදා තිරඟත උන වගේම අද උදේ පාන්දරම පිටපතක් ආපු අලුත්ම දෙමළ චිත්‍රපටියක් තමයි අද මේ අරන් ආවේ. චිත්‍රපටියේ ප්‍රධාන චරිතය නිරුපණය කරන්නේ කවුරුත් දන්න අනුපමා පරමේෂ්වරන් විසින්. චිත්‍රපටියේ කතාව ගැන කෙලින්ම කියන්නම්කෝ…
අනිතා කියන්නේ රස්සාවක් හොයන ගෙදරට බොහෝම කීකරු ගැණු ළමයෙක්… ගෙදරින් පවා අනීතාව සැහෙන පරිස්සමින් උස්මහත් කරන්නේ. අනිතාට රස්සා ගොඩකින් කතා කලත් එවාගේ රෑත් රැකියාව කරන්න තියන නිසා එවාට අනිතාගේ ගෙදර අය යවන්නේ නැති නිසා මෙයාට රස්සාවක් හොයාගන්න එක ලේසි වෙන්නේ නැහැ. මේ අතර තමයි අනීතා තමන්ගේ යාළුවෙක්ට මේ ගැන කියන්නේ. ඒ යාළුවා එයා අදුනන තැනක රස්සාවක් අරන් දෙන්නම් කියලා අනිතාට එයාලාගේ බොඩිමට එන්න කතා කරනවා. මෙහෙම යන අනිතාව මේ යාළුවා එයාලාගේ ඔෆිස් එකේ කෙනෙක්ව අදුන්වලා දෙන්නම් කියලා බිච් පාටියකට එක්කන් යනවා. අනිතාත් ජිවිතේ පලවෙනි පාරට මේ වගේ පාටියකට යන්නේ. අනිතාටත් ඒ පාටිය දාලා ගෙදර යන්න හිතෙන් නැහැ. ඉතින් ජිවිතේ පලවෙනි පාරට ගෙදරට බොරුවක් ගොතලා අනිතා මේ පාටියට යනවා. මේ පාටියෙන් තමයි අනිතාගේ මුළු ජිවිතේම කනපිට හැරෙන්නේ. ඉතින් මොනාද වෙන්නේ කියලා දැනගන්න චිත්‍රපටිය අරන් බලන්න. ගැනු ලමයින්ටත් ජිවිතේ විදින්න ඕනි මේක තමයි ජිවිතේ කියලා කියන යාළුවෝ ඇතිනේ… හැබැයි ජිවිතේ විදින්න කියලා කරන එක අතපහු විමකින් සැහෙන ප්‍රශ්න ගොඩක් එන්න පුලුවන් කියලා මේ චිත්‍රපටියේ පෙන්වනවා…
ඒ වගේම මේ චිත්‍රපටිය සැබැ සිදුවිමක් ඇසුරින් නිර්මාණය උන එකක්.


