EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

අශ්වින් චන්ද්‍රසේකර් විසින් අධ්‍යක්ෂණය කරනු ලැබුව සන්තෝෂ් සෝබන් (Santosh Sobhan) සහ මනසා වාරාණසී (Manasa Varanasi) ප්‍රධාන චරිත නිරුපණය කරන ලස්සන චිත්‍රපටියක් තමයි මේ අරන් ආවේ… මේ නළුවාගේම කලින් ආපු Kalyanam Kamaneeyam වගේ චිත්‍රපටි වල උපසිරැසි කරන්න ලැබුන නිසා මේ චිත්‍රපටියත් ඒ වගේම ලස්සන කපල් කතාවක් වෙයි කියලා හිතලායි උපසිරැසි කරන්න ගත්තේ.. ඒ වගේම හිතුව තරම්ම ලස්සන චිත්‍රපටියක් කියලා කියන්නම ඕනි.
චිත්‍රපටියේ කතාව ගැන කිව්වොත් ශිවා නෙල්ලෝර් වල ඉදන් චෙන්නායි වලට එනවා රැකියාවක් හොයාගෙන…නමුත් ශිවාට රැකියාවක් නම් ලබාගන්න ලේසි වෙන්නේ නැහැ… මේ චෙන්නායි වලම තමයි ඉන්නේ මිත්‍රා කියන ගැණු ළමයා… එයා IT ක්ෂේත්‍රයේ රැකියාවක් බලාපොරොත්තුවෙන් ඉන්නවා… එත් ඇයටත් රැකියාවක් හොයාගන්න එක ලේසි වෙන් නැහැ….කොහොම හරි කතාවක් තියනවානේ හම්බවෙන්න ඕනි කවුරු හරි හම්බවෙන්න තියනවා නම් දෙවියෝ හරි මුණ ගස්සවනවා කියලා… ඉතින් මේ නන්නාඳුනන නගරයකදී මේ දෙන්නා අහම්බෙන් මුණ ගැසෙනවා… ඉතින් මෙහෙම මුණ ගැහෙන දෙන්නාගේ ආදර කතාව තමයි චිත්‍රපටියේ තියෙන්නේ… මේක හැපි එන්ඩින්ද සැඩ් එන්ඩින්ද කියලා සැකයක් තියේ නම් අරගෙනම බලන්න… එහෙනම් ගිහින් එන්නම් තව චිත්‍රපටියක් අරන්…

Comments