EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ජීවිතයයි ආදරයයි අතර ලියවුණු සංවේදීම කතාව...

අද අපි කතා කරන්නේ හදවතටම දැනෙන, කඳුළක් එක්ක හිනාවෙන්න පුළුවන් අපූරු ජපන් චිත්‍රපටයක් ගැනයි. නම “Drawing Closer” — මේක 2024 නිකුත් වුණු Netflix මුල් නිර්මාණයක් (Original) විදිහටයි ප්‍රේක්ෂකයන් අතරට එන්නේ.
මේක සාමාන්‍ය ආදර කතාවකට වඩා ගොඩක් ගැඹුරු, වෙනස්ම විදිහේ හැඟීමක් අපේ හදවතට එකතු කරන අපූරු සිනමා සිත්තමක්.
කඳුළු පිරුණු ලස්සන කතාව… අකිහිතෝ සහ හරුනා කියන්නේ අවුරුදු 17ක යෞවනයන් දෙන්නෙක්. රෝහලකදී අහම්බෙන් මුණගැහෙන මේ දෙන්නා අතර හරිම ලස්සන බැඳීමක් ඇතිවෙනවා. ඒත් කතාවේ ……..
ජපන් සිනමාවට ආවේණික ඒ ලස්සන කැමරාකරණයත්, මනස නිවන පසුබිම් සංගීතයත් කතාවේ හැඟීම් තවත් තීව්‍ර කරනවා. කඳුළු එන දර්ශන පවා හරිම සියුම්ව, ලස්සනට නිර්මාණය කරලා තියෙනවා (බලන්න කලින් ටීෂූ එකක් ළඟින් තියාගන්න එක හොඳයි! 😂).
මේ චිත්‍රපටය අපිට හරිම සංවේදී පාඩමක් කියා දෙනවා. ඒ තමයි, “කාලය කෙටි වුණත්, ආදරය සැබෑවක්” කියන එක.
ආදර කතා, ජපන් සිනමාව සහ සංවේදී නිර්මාණ බලන්න කැමති හැමෝම අනිවාර්යයෙන්ම නැරඹිය යුතුම චිත්‍රපටයක් විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. දැනටමත් cinesubz.lk හි තියෙන නිසා මඟහැරගන්න එපා!
🎬 මේ වගේ අලුත්ම Movies සහ TV Series updates ඉක්මනින්ම දැනගන්න අපේ Cinesubzmovie Facebook page එකට එකතු වෙන්න අමතක කරන්න එපා. ලිපියට Like කරලා, Share කරලා යාළුවන්ටත් බලන්න අවස්ථාව හදලා දෙන්න — ඒ අයත් මේ ලස්සන කතාවට අනිවාර්යයෙන්ම ආදරය කරාවි! ❤️🍿

Comments