EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ඔහුගේ දූලා තුන්දෙනා.

2023 වසරේ නිකුත් උන මේ His Three Daughters චිත්‍රපටය, ඒ වසරේදී විචාරකයින්ගෙන් ගොඩක් හොඳ ප්‍රතිචාර ලබපු නිර්මාණයක් විදියට සැලකෙනවා. විශේෂයෙන්ම Carrie Coon, Natasha Lyonne සහ Elizabeth Olsen ගේ බලවත් රංගනය ගොඩක් අයගේ ප්‍රශංසාවට ලක්වුන අතර, ගැඹුරු හැඟීම් සහ යථාර්ථවාදී සංවාද නිසා මේක හිතට තදින් වැදෙන drama චිත්‍රපටයක් විදියට හඳුන්වනවා.
අධ්‍යක්ෂණය: Azazel Jacobs
ප්‍රධාන නලු නිලියන්: Carrie Coon, Natasha Lyonne, Elizabeth Olsen
Category : Drama / Family
IMDB: 7.1/10
චිත්‍රපටියේ කතාව ගෙතෙන්නේ මරණාසන්නව ඉන්න තාත්තා කෙනෙක්ගේ දූලා තුන්දෙනෙක්, ඒ තාත්තාගේ අන්තිම දවස් ටිකේ එයාව බලාගන්න කාලය ඇතුළතයි. අවුරුදු ගානක් තිස්සේ එකිනෙකාගෙන් දුරස් වෙලා හිටිය සහෝදරියෝ තුන්දෙනා, ආයේ එකම වහලක් යටට එනවා තාත්තාගේ අන්තිම දවස් ටිකේදි. ඒ කාලේ ඇතුළෙදි, එකිනෙකාට වෙනස් මේ තුන්දෙනාට ඉස්සර ප්‍රශ්න, නොකියපු දේවල් හා පවුලේ ගැඹුරු හැඟීම් යන දේවල් වලට මුහුන දෙන්න සිද්දවෙනවා.
කතාබහ, තරහා, දුක හා සෙනෙහස මිශ්‍ර වෙමින් ගලාගෙන යන මේ කතාවෙන් පවුල් බැඳීම්, සමාව සහ මිනිස්සු අතර තියෙන සම්බන්ධතා ගොඩාක් යථාර්ථවාදී විදියට පෙන්නනවා.
2021 Wanda vision ෆිල්ම් සීරියස් එකේ Wanda විදියට සහ 2022 Doctor Strange in the Multiverse of Madness ෆිල්ම් එකේ Wanda හෙවත් Scarlet witch විදියට රඟපාන Elizabeth Olsen නිලිය, මේකෙදි සහෝදරියන් තුන්දෙනාගෙන් දෙවන සහෝදරිය විදියට ගොඩක් සංවේදි චරිතයක් විදියට රඟපානවා. ඒ වගේම අනිත් සහෝදරියන් දෙන්නත්, Ghostbusters: Afterlife, The Leftovers හා Orange Is the New Black, Russian Doll කියන සුප්‍රසිද්ධ චිත්‍රපට වල රංගනයෙන් දායාද උන නිලියන් දෙදෙනෙක්.
ඔයා Little Women (2019) වගේ පවුල් ආශ්‍රිත චිත්‍රපටි වලට ආසකරන කෙනෙක් නම්, His three daughters කියන්නේ අනිවාරෙන්ම බලන්න ඕන එකක්.

Comments

March 16, 2026

🌳❤️