EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ඔන්න ඉතින් Cinesubz යාලුවනේ… ඔයාලා ගොඩක් ආසාවෙන් ඉල්ලපු, ජපන් Horror රසිකයින්ට නියම අත්දැකීමක් දෙන “Karada Sagashi: The Last Night (2025)” ෆිල්ම් එක ඔන්න අපි අරගෙන ආවා! මේක 2022 දී ආපු “Re/Member” ෆිල්ම් එකේ දෙවෙනි කොටසයි. පළවෙනි ෆිල්ම් එක බලලා මේක බැලුවොත් කතාව තවත් රසවත් වෙයි.
ඔයාලගේ ඉල්ලීමටයි මේක ගෙනාවේ! 💬 මේ ෆිල්ම් එකට සබ්ටයිටල් දෙන්න කියලා අපේ Cinesubz කණ්ඩායමට ගොඩක් මැසේජ් ආවා. ඉතින් ඔයාලගේ ඒ ආදරණීය ඉල්ලීම්වලට ගරු කරලා තමයි අපි ඉක්මනින්ම මේ ෆිල්ම් එක ගෙනාවේ. ❤️
කතාව ගැන කෙටියෙන්… 😱 කලින් කතාවේදී Asuka සහ Takahiro “Body Search” කියන භයානක ගේම් එකෙන් දිනනවා. හැබැයි දිනපු ගමන්ම, Takahiro ගේ ඇස් ඉස්සරහදීම Asuka ව අතුරුදහන් වෙනවා. ඊට අවුරුදු 3 කට පස්සේ, Rikuto සහ එයාගේ පාසල් මිතුරන් 5 දෙනෙක් රාත්‍රියක විනෝද උද්‍යානයක (amusement park) අවදි වෙනවා. එතනදී “Red Person” කියන ලේ පෙරාගත් භයානක හොල්මන් කෙල්ලෙක් එයාලව දඩයම් කරන්න පටන් ගන්නවා. ඊළඟ දවසේ උදේ ඇස් අරිනකොට ඔවුන් තේරුම් ගන්නවා, ඔවුන් හිරවෙලා ඉන්නේ එකම දවස ආයේ ආයෙත් සිද්ධ වෙන “Time Loop” එකක කියලා! 🔁
මේක නිකම්ම Horror ෆිල්ම් එකක් නෙමෙයි. තමන් ආදරය කරපු Asuka ව බේරගන්න Takahiro අවුරුදු 3 ක් තිස්සේ දරන උත්සාහයත් මේ කතාවට ලස්සනට එකතු කරලා තියෙනවා. ඒ නිසා Horror + Romance + Mystery කියන තුනම එකට එකතු වුණු නියම ෆිල්ම් එකක් විදිහට මේක හඳුන්වන්න පුළුවන්.
ඒ වගේම මේකේ Theme song එක විදිහට තියෙන්නේ K-pop රසිකයින් ගොඩක් ආදරය කරන Stray Kids බෑන්ඩ් එකේ “Parade” කියන සිංදුවයි!
ස්තූතියි අපේ Cinesubz රසිකයින්ට! 🙏 විනෝද උද්‍යානයක්, Time loop සාපයක් සහ ආදර කතාවක් එකට එකතු වුණු මේ ජපන් Horror ෆිල්ම් එක මඟහරින්න එපා. මැසේජ් කරලා දුන්නු සහයෝගය නිසයි අපේ Cinesubz Team එක රෑ නිදි මරාගෙන හරි මේ වගේ දේවල් ඔයාලා වෙනුවෙන් ගේන්නේ.
🎬 අලුත්ම ෆිල්ම්, TV Series සහ සබ්ටයිටල් ගැන ඉක්මනින්ම දැනගන්න අපේ Cinesubz Facebook Page එකට එකතු වෙන්න. Like කරලා Bell Icon එකත් Click කරලා තියාගන්න! 🔔❤️

Comments