EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
කොරියා සිහිනය
ඔන්න අද මම අරගෙන ආවේ ලොකු කතාබහකට ලක්වුණ, ඊයේ (2026 මාර්තු 12) Netflix එක හරහා කෙලින්ම රිලීස් වුණ අලුත්ම දෙමළ ෆිල්ම් එකක් ගැන විස්තරයක්.
ප්‍රධාන නළු නිළියන්: Priyanka Mohan (ප්‍රියංකා මෝහන්), Park Hye-jin (පාර්ක් හ්යේ-ජින්)
අධ්‍යක්ෂණය: Ra. Karthik (රා. කාර්තික්)
භාෂාව: දෙමළ (තෙළිඟු, හින්දි, මලයාලම් භාෂා වලිනුත් ඩබ් කරලා තියෙනවා. හැබැයි කතාවෙ ගොඩක් දුරට කොරියන් භාෂාවත් පාවිච්චි වෙනවා)
කතාව යන්නේ තමිල්නාඩුවේ පුංචි ගමක ජීවත් වෙන ‘ෂෙන්බා’ (Priyanka Mohan) කියන තරුණිය වටා. එයාට පොඩි කාලේ ඉඳන්ම කොරියන් සංස්කෘතියට, K-dramas වලට වගේම කොරියාවට යන්න ලොකුම ලොකු හීනයක් තියෙනවා. කොහොමහරි එක එක ප්‍රශ්න මැද්දේ එයාට දකුණු කොරියාවේ සෝල් (Seoul) නුවරට යන්න අවස්ථාවක් ලැබෙනවා. හැබැයි එහේ ගියාට පස්සේ එයා හිතපු දේ නෙමෙයි වෙන්නේ. එයාට ලොකු බලාපොරොත්තු කඩවීමකට මූණ දෙන්න වෙනවා වගේම, වෙන රටක තනියම අතරමං වෙනවා. ඊට පස්සේ එයා කොහොමද මේ අලුත් සංස්කෘතියට හුරු වෙන්නේ, එයාට මුණගැහෙන කොරියන් ජාතික වයසක ආච්චි කෙනෙක් (Park Hye-jin) එක්ක එයාගේ ජීවිතේ කොහොමද වෙනස් වෙන්නේ කියන එක තමයි මේ කතාවෙන් ලස්සනට පෙන්නන්නේ. මේක සාමාන්‍ය ආදර කතාවකට වඩා තමන්ව හොයාගෙන යන (self-discovery) ගමනක් ගැන කියවෙන කතාවක්. හිතට දැනෙන, සැහැල්ලුවෙන් බලන්න පුළුවන් ලස්සන කතාවක්. ඉන්දියානු සහ කොරියානු සංස්කෘතීන් දෙකේ ලස්සන එකතුවක් දකින්න ලැබෙනවා. ඔයා K-dramas බලන්න ආස කෙනෙක් නම්, එහෙමත් නැත්නම් පවුලේ අයත් එක්ක සැහැල්ලුවෙන්, ලස්සන අර්ථයක් තියෙන ෆිල්ම් එකක් බලන්න හොයනවා නම් Made in Korea කියන්නේ අනිවාර්යයෙන්ම බලන්න ඕනෙ ෆිල්ම් එකක්. කිසිම කම්මැලිකමක් නැතුව පැය දෙකකට කිට්ටු කාලයක් හිතට නිදහසේ බලන්න පුළුවන් කතාවක් මේක.







