EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
In This Lawless Border Town, One Farmer Becomes the Cartel's Worst Nightmare
Mexicali (2026) — ඔන්න ඉතින් Cinesubz යාලුවනේ… Mexicali (2026) — Action / Drama අපේ Cinesubz කණ්ඩායම රෑ නිදිමරාගෙන වැඩ කරලා ඔන්න මේක ඔයාලට අරගෙන ආවා! ❤️ ඔයාලගේ ආදරය සහ උනන්දුව නිසාමයි අපිට මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්නේ! 🔥
කතාව ගැන කෙටියෙන් කිව්වොත්… ජෝ (Joe) කියන්නේ කලින් විශේෂ කාර්ය බලකායේ (Special Forces) හිටපු දක්ෂ සටන්කරුවෙක්. හැබැයි දැන් එයා මෙක්සිකෝවේ අලිගැටපේර (avocado) ගොවිපළක් බලාගෙන සාමකාමී ජීවිතයක් ගත කරන්නයි උත්සාහ කරන්නේ. මේ ගොවිපළ අයිති එයාගේ ආදරණීය පෙම්වතිය වෙන එස්ත්රෙල්ලාටයි (Estrella). ❤️
ඒත් ගොවිපළේ වැඩ කරන අයට පඩි ගෙවන්න සල්ලි නැති නිසා, ජෝ රහසිගත සටන් තරගවලට (underground pit fights) සහභාගි වෙන්න තීරණය කරනවා! 🥊
එයා ඒ තරගෙන් දිනපු දවසෙම, නගරයට ගියපු වෙලාවේ ‘චාවේස්’ (Chavez) කල්ලියත් එක්ක ලොකු ගැටුමක් ඇතිවෙනවා. ඊටපස්සේ ‘බැප්ටිස්ට්’ (Baptiste) කියන භයානක දුෂ්ටයා ගොවිපළටම ඇවිත් හරිම සන්සුන් කටහඬකින් එයාලට තර්ජනය කරනවා… අන්න එතනදී ෆිල්ම් එකේ කතාව සම්පූර්ණයෙන්ම කණපිට පෙරළෙනවා! 😰
ජෝ කියන්නේ සාමකාමී කෙනෙක් වුණත්, තමන්ගේ පවුල බේරගන්න එයාගේ පරණ සටන්කාමී හැකියාවන් ආයේ එළියට එනකොට… ඒක තිරයේ දකිද්දී ඇඟ හිරිවැටෙනවා!
මේකේ තියෙන විශේෂත්වය මොකක්ද? සටන් කලාවන් (Martial arts), මන්නා පිහි සටන් (machete fights), වෙඩි තැබීම් — මේ ඔක්කොම එකට එකතු කරපු සුපිරි Action ෆිල්ම් එකක්. 💥 Action ෆිල්ම් රසිකයින්ට මේක නම් නියම අත්දැකීමක් වෙයි.
බ්රෙන් ෆොස්ටර්ගේ (Bren Foster) සටන් විලාසය හරියට , වේගවත්, ඒ වගේම දරුණුයි. ඒ වගේම, ප්රසිද්ධ නළු ජීන් ක්ලෝඩ් වැන් ඩෑම්ගේ (Jean-Claude Van Damme) පුතා වෙන ක්රිස් වැන් ඩෑම් (Kris Van Damme) මෙහි දුෂ්ටයෙකුගේ චරිතයකින් දැකගන්න පුළුවන්. 😏
එස්ත්රෙල්ලාගේ චරිතය කරන ටානියා රේමන්ඩ් (Tania Raymonde) නිකම්ම බලාගෙන ඉන්නේ නැතුව කෙලින්ම සටන්වලට බැහැලා වැඩ පෙන්වන එකත් විශේෂත්වයක්! 💪
2026 අවුරුද්දේ ආපු හොඳම Action ෆිල්ම් අතරේ මේක ඉහළින්ම තියෙනවා! අනිවාර්යයෙන්ම බලන්න වටින ෆිල්ම් එකක්. 👏🔥
🎬 අලුත්ම ෆිල්ම්, TV Series සහ සබ්ටයිටල් අප්ඩේට්ස් ගැන ඉක්මනින්ම දැනගන්න අපේ Cinesubz Facebook Page එකට එකතු වෙන්න අමතක කරන්න එපා. Like කරලා තියාගන්න! 🔔❤️





