EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ඔන්න ඉතින් Cinesubz රසිකයන් වෙනුවෙන් 2026 වසරේ ලැබුණු අපූරු Sci-Fi අත්දැකීමක් ගැන විස්තර අරන් ආවා. ඒ තමයි The Dresden Sun. ඔබ Cyberpunk ශෛලියේ කතාවලට එහෙමත් නැත්නම් The Matrix සහ Altered Carbon වැනි නිර්මාණවලට කැමති කෙනෙක් නම් මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම බලන්න ඕන එකක්. මේක Action, Sci-Fi සහ Thriller කියන genre තුනම එකතු කරලා හදපු ලොකු studio movie එකක කොලිටිය තියෙන ස්වාධීන නිර්මාණයක්.
මෙහි ප්‍රධාන චරිතය විදිහට අපි කවුරුත් දන්නා Steven Ogg දක්ෂ රංගනයක නිරත වෙනවා. ඔහු අතීතයේ කටුක අත්දැකීම්වලින් පීඩා විඳින දක්ෂ කුලී හේවායෙක් විදිහටයි මෙහි පෙනී සිටින්නේ. ඔහුට පැවරෙන්නේ Peredor Corporation කියන දැවැන්ත සමාගමෙන් The Sphere නමින් හඳුන්වන ඉතා වටිනා වස්තුවක් සොරකම් කරන්නයි. හැබැයි මේක සාමාන්‍ය සොරකමක් නෙවෙයි. මේ Sphere එක පිටුපස තියෙන්නේ මුළු ලෝකයම උඩුයටිකුරු කළ හැකි අභිරහසක් නිසා Earth Corp ඇතුළු කණ්ඩායම් ඔහුව ලුහුබඳින්න පටන් ගන්නවා. මේ නිසා සොරකමක් විදිහට පටන් ගන්න මෙහෙයුම අවසානයේදී ජීවිතය බේරාගැනීමේ මහා අරගලයක් බවට පත්වෙනවා.
The Dresden Sun විශේෂ වෙන්නේ එහි තියෙන අතිශය තාත්වික දර්ශන සහ ඇක්ෂන් ජවනිකා නිසයි. මෙහි සටන් විතරක් නෙවෙයි, ආයතනික කෑදරකම සහ පාරිසරික ප්‍රශ්න ගැනත් ගැඹුරින් කතා කරනවා. Steven Ogg ගේ නිශ්ශබ්ද ඒත් ප්‍රබල රංගනය වගේම Christina Ricci සහ Linus Roache ගේ මතක හිටින සුළු රංගනයත් මේ චිත්‍රපටයට ලොකු වටිනාකමක් එකතු කරලා තියෙනවා. විශේෂයෙන්ම Richard Blackmon ගේ රංගනයත් මෙහි කැපී පෙනෙනවා.
ඔබ තාක්ෂණය සහ අනාගත ලෝකය ගැන කියවෙන Mind-bending කතාවලට කැමති නම් The Dresden Sun කියන්නේ 2026 වසරේ ඔබට මගහැරිය නොහැකි නිර්මාණයක්. මේ චිත්‍රපටය සඳහා සිංහල උපසිරැසි දැන් Cinesubz.net හරහා ලබාගත හැකි අතර අලුත්ම චිත්‍රපට සහ ටෙලි කතා මාලාවල විස්තර දැනගන්න අපේ Facebook පිටුවටත් අනිවාර්යයෙන්ම එකතු වෙන්න. Cinesubz ෆෑන් ෆැමිලි එකට ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා.

Comments

March 20, 2026

🌳❤️