EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

කම්පනය

ආයුබෝවන් යාළුවනේ අද මම ගෙනාවේ ඉන්දියාවේ මළයාළම් සිනමාවෙන් 2026 ජනවාරි 30 වන දින නිකුත් වුණ Prakambanam චිත්‍රපටයට උපසිරැසි අරගෙනයි
ඉතින් මේ චිත්‍රපටය horrar -comedy ගණයට තමයි අයිති වෙන්නේ පවුලේ හැමෝටම එකට බලන්න පුළුවන් මේ චිත්‍රපටය ශ්‍රීජිත් කේඑස්,කාර්තිකේයන්,සාගර් සූර්‍යා සහ අල් අමීන් යන අයගේ ප්‍රධානත්වයෙන් තමයි නිෂ්පාදනය වෙන්නේ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟ දක්වන්නේ මල්ලිකා සුකුමාරන්,අසීස් නෙඩුමන්ගඩ්, රාජේෂ් මාධවන්,ගණපති පොදුවල් යන අයයි
මේ චිත්‍රපටය පැය දෙකක් දිගයි අපි යමුකෝ එහෙනම් මේකේ අන්තර්ගතය බලන්න
සිද්ධාර්ත්,පුන්‍යාලන් සහ ශංකරන් කියන්නෙ3 පිරිමි නේවාසිකාගාරයක නවාතැන් ගත්ත ජ්‍යේෂ්ට විද්‍යාල සිසුන් තුන්දෙනෙක්.මෙයාලා තුන් දෙනා කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරමින් ශිෂ්‍ය දේශපාලනයට සම්බන්ධ වෙලා ඉන්න නමුත් කවදාවත් විද්‍යාල මැතිවරණයකින් දිනලා නෑ විද්‍යාල අවසන් අවුරුද්දෙදි මේ තුන්දෙනාට ඉස්සරහට පවත්තන්න තියෙන විද්‍යාල මැතිවරණයෙන් දිනන්න ඕන වෙනවා දවසක් සිද්ධාර්ත්ට එයාගේ සීයා වන මාධවන්ගෙන් ඇමතුමක් ලැබෙන අතර සීයා සිද්ධාර්ත්ට ගෙදරට එන්න කියනවා සිද්ධාර්ත්ගේ ආච්චි රුක්මණී මියගිය බවත් එයාගේ තාත්තා වන රාඝවන් හෝ මාමා රමේෂන් යන දෙන්නම අදේවවාදීන් වෙන හින්දා ඒ දෙන්නා කාෂි වලට ගිහින් ආච්චිගේ ආදාහනය කරපු දේහයේ අළු ගංගාට දියකරලා දාන්න කැමති නැති බවත් .සිද්ධාර්ත්ට මේ වැඩේ කරන්න කියලා සීයා කියනවා..ඒත් මුලින් අකමැති වුණත් සිද්ධාර්ත් අදේවවාදියෙක් නිසා විද්‍යාල මැතිවරණයෙන් පස්සේ එයා ඒක කරන්නම් කියලා පොඩි බෝතලයක රුක්මණිගේ අළු පොඩ්ඩක් අරගෙන නෙවාසිකාගාරයට යනවා. ඊටපස්සේ පුණ්‍යාලන් හා ශංකරන් දෙන්නා මේ බෝතලේ තියෙන්නේ දුම්කොළ කියලා වැරදියට හිතාගෙන පුණ්‍යාලන් මේක නහයට තියලා පාවිච්චිකරනවා ..ඒකෙන් පුණ්‍යාලන්ට් කිවිසුමක් යනවා ඊටපස්සේ මෙයාලා ඉන්න කාමරෙන් ලොකු හුළඟක් හමාගෙන එනවා.ඉන් පස්සේ පුණ්‍යාලන්ගේ නහයෙන් ගලන්නට වෙනවා ඊටපස්සේ සිද්ධාර්ත්ගේ ආච්චි රුක්මණී පුණ්‍යාලන්ගේ ඇඟට ආරූඪවෙලා එයාගේ ආශාවන් ඉෂ්ට කරගන්න පොරබදිනවා ඉතින් මෙතනින් එහාට රුකමණීගේ ආශාවන් මොනවද ඒවා සම්පූර්ණ කරගත්තද කියලා මේක බලලම ඔයාලත් දැනගන්න එහෙනම් සුභ දවසක්

Comments