Twisted Metal (2023) TV Series | S01 | S02 | Complete
Year:2023
TV Series Episode Info :
Season 01 (Complete) ✅
Episode 01-10 ✅
Season 02 (Complete) ✅
Episode 01-12 ✅
Season 01 & 02 සම්පුර්ණයෙන්ම ලබාදී ඇත.
Cast
Go Full Cast PageSeason 01
Twisted Metal කියන්නෙ, Sony Interactive Entertainment එක විසින් ඒ නමින්ම ප්‍රකාශයට පත් කරලා තියෙන වාහන සටන් වීඩියෝ ක්‍රීඩාවක් පදනම් කරගෙන ගොඩ නැඟුණු ටීවී සීරිස් එකක්. මේ Twisted Metal සීරිස් එකේ මුල්ම කතාංගය රිලීස් වෙන්නෙ මේ අවුරුද්දෙ ජූලි 27 වෙනිදා. කතාංග 10 කින් සමන්විත වෙන මේ සීරිස් එකේ එක් කතාංගයක් මිනිත්තු 30 ක වගේ කාලයක් ඇතුලත සීමා වෙනවා.
ඒ වගේම Peacock ආයතනය වෙතින් නිකුත් වෙන, අනාගතවාචක ප්‍රබන්ධ ගණයට අයත් මේ සීරිස් එක IMDb දර්ශකයේ 7.4/10 ක අගයක්ද කුණු තක්කාලි දර්ශකයේ 68% අගයක් වගේම ගූගල් පරිශීලක අගය 75% ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. ප්‍රධාන නළු නිලි කැළ වශයෙන්, Avengers හි මීළඟ Captain America ‘සෑම්’ නොහොත් Anthony Mackie – John Doe විදිහටත්, Stephanie Beatriz – Quiet විදිහටත්, Samoa Joe – Sweet Tooth විදිහටත්, Neve Campbell – Raven විදිහටත් ඒ වගේම Spider-Man ගේ ප්‍රධාන හතුරෙක් විදිහට සැලකෙන Sandman ගේ චරිතයට පණ පෙවූ Thomas Haden Church – Agent Stone විදිහටත් රංගනයෙන් මේ නිර්මාණයට දායක වෙලා තියෙනවා.
පටන් ගැන්මේ මුල ඉඳන් කතාව විස්තර කෙරෙන නිසා, මං ඒ ගැන ලිපියේ සඳහන් කිරීමක් කරන්නෙ නැතුව ඉන්නම් සහ එතකොට රසාස්වාදනයේ අඩුවක් වෙයි මං විශ්වාස කරන නිසා. කිසිම කම්මැලිකමකින් තොරව නිදහසේ රස විඳින්න පුළුවන් සීරිස් එකක් කිව්වොත්, මං හිතන්නෙ මං වැරදි නෑ. ඒ අනිවාරෙන්ම මඟහැර ගන්නෙ නැතුව බලන්න කියලා ඔයාලට ආරාධනා කරනවා.
Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Baiscope.lk උපසිරැසි අංශයේ රුක්ෂාන් ඛාන් (රුකා) විසින්.
Season 02
පළවෙනි සීසන් එක නිකුත් වෙලා අවුරුදු කීයක් නම් බලාගෙන හිටියද සීසන් 2 එනකන්… හිතුවෙවත් නැති විදියට 2025 2 වෙනි සීසන් එක ගොඩක් පරක්කු වෙලා හරි ආවා. ගොඩක් අයට දැන් මේකේ කතාවත් අමතක වෙලා ඇති.
PlayStation ගේම් එකක් ඇසුරෙන් හදපු මේ කතාව, පාලනයෙන් ගිලිහුණු ලෝකයක සිද්ධ වෙන මෝටර් රථ ධාවන කතාවක්. කොටස් 10 කින් සමන්විත මේ කතාව හරිම වේගවත්, ඒ වගේම කුතුහලයෙන් පිරුණු එකක්.
ලෝකයේ හැම ඉලෙක්ට්‍රොනික උපකරණයක්ම අක්‍රිය වෙලා අවුරුදු 20 කට පස්සේ තමයි මේ කතාව පටන් ගන්නේ. සල්ලි තියෙන අය ලොකු තාප්ප බැඳගත්තු නගර ඇතුළේ (“Inside”) සැපට ඉන්නවා. අනිත් හැමෝම එළියේ (“Outside”) මරාගන්නවා. අපේ කථානායකයා, ජෝන් ඩෝ (Anthony Mackie), මිනිහගේ 2002 Subaru WRX කාර් එකත් එක්ක පර්සල් බෙදන “Milkman” කෙනෙක්. මිනිහට රේවන්ගෙන් ලැබෙන අභියෝගය ජයගත්තොත් මිනිහටත් නගරය ඇතුළේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා.
ඇන්තනි මැකී සහ ස්ටෙෆනි බියට්‍රිස් (ක්වයට්) අතර තියෙන සුසංයෝගය නියමයි. ඒ වගේම ස්වීට් ටූත්, Agent Stone වගේ චරිත කතාවට ලොකු ජීවයක් දෙනවා. වෙඩි තැබීම්, පිපිරීම් සහ කාර් රේස් දර්ශන බලාගෙන ඉන්න ආස හිතෙන තරම් තාත්විකයි. හැම එපිසෝඩ් එකක්ම විනාඩි 30 ක් වගේ නිසා කම්මැලි නැතුව එක දිගට බලන්න පුළුවන්.









































