EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageමනාලිය
2026 අවුරුද්දේ මාර්තු මාසේ රිලීස් වුණු, ගොඩක් අයගේ කතාබහට ලක්වුණු ෆිල්ම් එකක් තමයි “The Bride!” කියන්නේ. මේක අපි කවුරුත් අහලා තියෙන පරණ ‘Frankenstein’ කතාවේ අලුත්ම, වගේම ටිකක් පිස්සු හැදෙන විදියේ වර්ෂන් එකක් කිව්වොත් හරි.
කතාව පටන් ගන්නේ 1930 ගණන්වල චිකාගෝ නගරයෙන්. අපේ කතාවේ ප්‍රධාන චරිතය වෙන ෆ්‍රැන්කන්ස්ටයින්ගේ රකුසා එයාටම කතා කරගන්නේ “ෆ්‍රෑන්ක්” කියලා. මිනිහා ඉන්නේ මාරම පාලුවකින්. ඉතින් ෆ්‍රෑන්ක් හොයාගෙන යනවා Dr. Euphroniusකියන විද්‍යාඥයාව, එයාට ආදරය කරන්න සහකාරියක් හදාගන්න උදව් ඉල්ලගෙන.
මේ දෙන්නා එකතුවෙලා මරලා දාලා වළලපු “අයිඩා”කියන තරුණියගේ මළසිරුරක් ගොඩඅරගෙන ඒකට ආයෙත් පණ දෙනවා. පණ ආවට පස්සේ මේ “මනමාලි” ට එයාගේ පරණ මතකයන් මුකුත් නැහැ. හැබැයි එයා නිකම්ම නිකං කීකරු සහකාරියක් වෙන්න කැමති වෙන්නෙත් නැහැ. එතැන් පස්සේ මේ ෆ්‍රෑන්ක් සහ මනමාලි දෙන්නා එකතුවෙලා පොලිසියෙනුත් පැනලා යන ගමන් කරන “Bonnie and Clyde” විදියේ ත්‍රාසජනක වගේම පිස්සු වැඩ ගොඩක් තමයි මේ ෆිල්ම් එකේ තියෙන්නේ. මේක නිකම්ම නිකං හොරර් ෆිල්ම් එකක් නෙවෙයි. මේක ඩාර්ක් කොමඩි, රොමෑන්ස්, සහ ක්‍රයිම් කියන ජාති ඔක්කොම කලවම් වුණු වෙනස්ම අත්දැකීමක්.











