EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageහොල්මං එක්ක කතා බහක්
කන්නඩ සිනමාවේ “Talking Star” විදිහට හැමෝම ආදරේ කරන ශ්‍රුජන් ලෝකේෂ්ගේ කුළුඳුල් අධ්‍යක්ෂණය තමයි GST කියන්නේ. මේකේ නම දැක්කම අපිට මතක් වෙන්නේ බදු (Tax) ගැන වුණාට, ඇත්තටම මේකේ තේරුම “Ghosts in Trouble” (කරදරේ වැටුණු හොල්මන්) කියන එකයි.
කතාවේ ප්‍රධාන චරිතය තමයි ලකී (Lucky). හැබැයි නම ලකී වුණාට මිනිහා ලෝකේ ඉන්න අවාසනාවන්තම මනුස්සයා. උපන් දා ඉඳන් කරන හැමදේම වරදින, පවුලේ අයටත් අවාසනාව ගේන කෙනෙක් විදිහට තමයි ලකීව හඳුන්වන්නේ. ජීවිතේ එපා වෙලා මැරෙන්න හදන ලකීට හම්බවෙනවා හොල්මන් කල්ලියක්!
හැබැයි මේ හොල්මන් මිනිස්සුන්ව බය කරන ජාතියේ අය නෙවෙයි. මේ හොල්මන් ටික ඉන්නේ ලොකු කරදරයක වැටිලා. ඒ අයට තමන්ගේ අන්තිම කැමැත්ත ඉටු කරගෙන නිදහස් වෙන්න (Salvation) ලකීගේ උදව් ඕනේ වෙනවා. ඉතින් මේ අවාසනාවන්ත මනුස්සයයි, කරදරේ වැටුණු හොල්මන් ටිකයි එකතු වෙලා කරන පිස්සු වැඩ ටික තමයි ෆිල්ම් එක පුරාම තියෙන්නේ. විශේෂයෙන්ම මේ කට්ටිය එකතු වෙලා කරන “බැංකු කොල්ලය” නම් පට්ටම කොමඩියක්!
මේකේ හොල්මන් හිටියට පොඩි ළමයින්ට වුණත් බය නැතුව බලන්න පුළුවන් Comedy-Horror වර්ගයේ ෆිල්ම් එකක්. ශ්‍රුජන් ලෝකේෂ් එක්ක රජනි භාරද්වාජ් ප්‍රධාන චරිත කරනවා. ඒ වගේම ගිරිජා ලෝකේෂ්, තබ්ලා නානි වගේ දක්ෂ නළු නිළියන් සෙට් එකක්ම මේකේ ඉන්නවා. චන්දන් ෂෙට්ටිගේ (Chandan Shetty) මියුසික් නිසා ෆිල්ම් එකට මාරම ජවයක් ලැබිලා තියෙනවා.



