EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

ආයෙත් පාරක් හැංගිමුත්තෝ කරමුද..?

පලමු චිත්‍රපටය අවසන් වුණ තැන ඉදන්මයි මේක පටන් ගන්නේ. ඒ නිසා මේක බලන්න කලින් පලවෙනි එක බලලා ඉන්නම ඕන.

පලවෙනි චිත්‍රපටයේ දී ග්‍රේස් කොහොම හරි ලේ ඩොමස් පවුලේ අය එක්ක කරපු මරණීය හැංගිමුත්තන් සෙල්ලමෙන් දින්නා. හැබැයි ඉතිං ඒ ජයග්‍රහණය ලබා ගන්න එයාට පුදුම දුකක් විඳින්න වුණේ.

දෙවන චිත්‍රපටයේ පටන් ගැන්ම : සිද්ධිය වුණ තැනට පොලිසිය, වෛද්‍ය කණ්ඩායම් ආවට පස්සේ, ඒ අය හොඳටම තුවාල වෙලා ඉන්න ග්‍රේස් ව රෝහල් ගත කරනවා. හැබැයි රෝහලේදි ඇහැරෙන ග්‍රේස් අතේ මාංචු තියෙනවා. හේතුව ඇහුවම පොලිසිය කියන්නේ අර පවුලට වුණ දේට සැක පිට මෙයාව අත්අඩංගුවට ගත්තා කියලයි.

ඒත් ග්‍රේස්ට වැඩි වෙලාවක් රෝහලේ ඉන්න ලැබෙන්නේ නැහැ. මොකද සෙල්ලම ඉවරයි කියල එයා හිතුවට ඇත්තටම සෙල්ලම ඉවර නැති නිසා. හැබැයි මේ පාර ග්‍රේස්ට සෙල්ලම් කරන්න එයාගේ නංගිත් එයා එක්ක ඉන්නවා. ඉතිං ආයේම පාරක් මේ මරණීය හැංගිමුත්තන් සෙල්ලමෙන් ග්‍රේස්ට දිනන්න ලැබෙයිද? බලලම දැන ගන්නකෝ එහෙනම්.

Comments