EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

හිස්කබල පෑදෙන මරණීය කැසීම… (18+)

කොහොමද යාළුවනේ? ඔන්න අද මම අරන් ආවේ
2025 මාර්තු 13 වෙනිදා Hulu හරහා නිකුත් වුණ, ටිකක් වෙනස් විදියේ හොරර් චිත්‍රපටයක්.
විචාරක ප්‍රතිචාර,
• IMDb අගය: 4.5/10
• Rotten Tomatoes: 63%
සිනමාපටයේ තොරතුරු,
• අධ්‍යක්ෂණය : Shal Ngo
• ප්‍රධාන නළු නිළියන් :
• Kelly Marie Tran (Valerie “Val” Nguyen)
• Miles Robbins (Robbie)
• Scott Takeda (Dr. Chen)
• Kieu Chinh (Thuy)
• වර්ගය : Horror
• ධාවන කාලය : පැය 1 මිනිත්තු 44
​කතාව ගැන පොඩ්ඩක්:
​​මෙකේ ප්‍රධාන චරිතය වැලරි. එයා හරිම දක්ෂ, සාර්ථක “Motivational Speaker” කෙනෙක්. හැබැයි මේ සාර්ථකත්වය පිටිපස්සේ කාටවත් කියන්න බැරි භයානක රහසක් වැලරි හංගගෙන ඉන්නවා. ඒ තමයි එයාට නිතරම දැනෙන, පාලනය කරගන්න බැරි ඔළුව කසන්න තියෙන අවශ්‍යතාවය.
​මුලින් පොඩියට පටන් ගන්න මේ කසන පුරුද්ද හෙමින් හෙමින් දරුණු අතට හැරෙනවා. කොච්චරද කියනවා නම්, තමන්ගේම අතින් ඔළුවේ ලොකු තුවාලයක් කරගෙන, හිස්කබල පෑදෙන මට්ටමටම මේක දුරදිග යනවා.
ඉතිං මේ කැසීමට හේතුව මොකක්ද? ඒක ඇත්තටම ලෙඩක්ද නැත්නම් වෙනත් බලපෑමක්ද කියලා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.
නරඹන්නන්ගේ අවධානයට,
​මෙම සිනමාපටය R- Rated ගණයට අයත් වන නිසා, මේකේ පහත දේවල් ඇතුළත් වෙනවා,
• නිරුවත් සහ ලිංගික දර්ශන
• දරුණු ප්‍රචණ්ඩත්වය, ලේ වැගිරීම්
• අසභ්‍ය වචන
(මෙය කුඩා දරුවන් සමඟ නැරඹීමට නිර්දේශ නොකරන අතර, වයස අවුරුදු 18න් ඉහළ පුද්ගලයන් සඳහා වඩාත් සුදුසු වේ. ඒවගේම මේක Body Horror ෆිල්ම් එකක් නිසා, බලන අයට තමන්ගේ ඇඟ ගැනම බයක්, අප්පිරියාවක් ඇති කරවන්නත් පුලුවන්.)

Comments