EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageලේ පිපාසිත ඝාතකයෙකුගේ දඩයම
මොකක්ද මේ කතාව?
මෙම චිත්‍රපටයට පාදක වෙන්නේ ඇමරිකාවේ මහාමාර්ග පද්ධතිය ආශ්‍රිතව සිදුවන බිහිසුණු මිනීමැරුම් මාලාවක්. මෙහි ජේම්ස් ප්‍රෙස්ටන් රොජර්ස් රඟපාන්නේ කිසිදු අනුකම්පාවකින් තොරව මිනිසුන් දඩයම් කරන, අද්භූත මෙන්ම දරුණු මානසිකත්වයක් සහිත ඝාතකයෙකුගේ චරිතයයි.
කතාවේ ප්‍රධාන හැරවුම් ලක්ෂය වෙන්නේ, මේ ඝාතකයා අතින් පොලිස් නිලධාරියෙකු ඝාතනය වීමයි. ඉන්පසු එම නිලධාරියාගේ බිරිඳ (ඇයත් පොලිස් නිලධාරිනියක්), තම සැමියාගේ මරණයට පළිය ගැනීම සඳහා මේ දරුණු ඝාතකයා පසුපස හඹා යන ආකාරය ඉතාමත් තාත්වික ලෙස මෙහි නිරූපණය කර තිබෙනවා.
විශේෂයෙන්ම ජේම්ස් ප්‍රෙස්ටන් රොජර්ස්ගේ ඒ දරුණු පෙනුම සහ ඔහු කරන රංගනය නිසා චිත්‍රපටය බලද්දී ඇඟ හිරිවැටෙන අත්දැකීමක් ලැබෙනු නොඅනුමානයි.
cast: James Preston Rogers- මනෝ ව්‍යාධිත ඝාතකයා ලෙස, Georgina Campbell: jane throne ලෙස, Logan Miller: marvin ලෙස,
Kit Harrington- Game of Thrones එකේ ජෝන් ස්නෝ! ඔහුත් මෙහි සුවිශේෂී චරිතයක් කරනවා. Director: මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ක්ෂේත්‍රයේ ප්‍රසිද්ධ නමක් දිනාගත් ගැවින් පොලෝන් (Gavin Polone) විසින්.ඔහු තමන්ගේ නිර්මාණවල තියෙන සුවිශේෂී ශෛලිය මේකටත් එක් කරලා තියෙනවා.











