EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Dear Santa (2024) Sinhala Subtitles | සිංහල උපසිරැසි සමඟ
Director:Bobby Farrelly
Cast
Go Full Cast Pageසාතන්
ඔන්න මම අද අරගෙන ආවේ 2024 අවුරුද්දේ අග භාගයේ ආපු, ටිකක් වෙනස්ම විදිහේ නත්තල් චිත්රපටයක් ගැන විස්තරයක්. ෆිල්ම් එකේ නම “Dear Santa”.
මේකේ ප්රධාන චරිතය කරන්නේ අපි කවුරුත් දන්න, දැක්කම හිනා යන නළු Jack Black. කතාව පටන් ගන්නේ මෙහෙමයි:
ලියම් (Liam) කියලා පොඩි පිරිමි ළමයෙක් ඉන්නවා. එයා අනිත් ළමයි වගේම නත්තලට තෑගි ඉල්ලලා නත්තල් සීයාට (Santa) ලියුමක් ලියනවා. හැබැයි මෙතන තමයි වැඩේ ගැස්සෙන්නේ. මේ ළමයාට ස්පෙලින් (Spelling) පොඩ්ඩක් වැරදිලා ලියුම ලියවෙන්නේ Santa ට නෙවෙයි, Satan (සාතන්/යක්ෂයා) ට!
ඉතින් මේ ලියුම ලැබෙන්නේ නිරයේ ඉන්න සාතන්ට. සාතන් විදිහට එන්නේ අපේ Jack Black. එයා හිතනවා මේ පොඩි ළමයාගේ ආත්මය ගන්න පුළුවන් වෙයි කියලා. ඒ නිසා එයා පොළවට ඇවිත් මේ පොඩි ළමයා එක්ක එකතු වෙලා එයා ඉල්ලන දේවල් කරන්න පටන් ගන්නවා.
ෆිල්ම් එක කොහොමද? ඇත්තම කිව්වොත් මේක මාරම ගැඹුරු හෝ හරිම ලස්සන කතාවක් තියෙන ෆිල්ම් එකක් නෙවෙයි. මේක සම්පූර්ණයෙන්ම Comedy (විකට) ෆිල්ම් එකක්.











