EVO Player හා CS Player පමණක් ක්රියා කරයි.
අනෙක් සියලු Player ක්රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageබිරිඳ වෙනුවෙන්..
මේ ෆිල්ම් එකේ ඉන්දුනීසියානු නම තමයි “Keadilan” (ඒ කියන්නේ ‘සාධාරණය’ කියන එක). මේක ටිකක් විශේෂ ෆිල්ම් එකක් වෙන්න හේතුවක් තියෙනවා. ඒ තමයි මේක අධ්යක්ෂණය කරන්න දකුණු කොරියානු අධ්යක්ෂක කෙනෙක් වෙන Lee Chang-hee (Netflix එකේ හිට් වුණු “A Killer Paradox” සීරීස් එක කරපු කෙනා) ඉන්දුනීසියානු අධ්යක්ෂක Yusron Fuadi එක්ක එකතු වෙලා තියෙන එක. මේ විදිහට දකුණු කොරියානු අධ්යක්ෂකවරයෙක් ඉන්දුනීසියානු ෆිල්ම් එකක් කරපු පළවෙනි වතාව තමයි මේක.
කතාව යන්නේ රාකා (Rio Dewanto) කියන උසාවියක සිකියුරිටි ගාඩ් කෙනෙක් විදිහට වැඩ කරන මනුස්සයෙක් ගැන. මෙයාගේ බිරිඳ නීනාට (Niken Anjani) සල්ලික්කාර පවුලක දරුවෙක්ගෙන් දරුණු විදිහට හිරිහැර වෙනවා. මේකට සාධාරණයක් බලාපොරොත්තුවෙන් මේ දෙන්නා උසාවි ගියාම, මෙයාලට මුහුණ දෙන්න වෙන්නේ ටිමෝ (Reza Rahadian) කියන පට්ටම කපටි, සල්ලිවලට යටවුණු ලෝයර් කෙනෙක්ට.
සල්ලි බලයට නීතිය යටවෙලා තමන්ගේ බිරිඳට සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නෑ කියලා තේරුණාම රාකාට හොඳටම කේන්ති යනවා. ඊටපස්සේ මෙයා තීරණය කරනවා නීතිය තමන්ගේ අතට අරගෙන උසාවිය ඇතුළෙදිම තමන්ගේ විදිහට, බය නැතුව සාධාරණය ඉෂ්ට කරන්න. පළිගැනීම, ඇක්ෂන් සහ ත්රාසය උපරිමයට තියෙන පට්ටම ෆිල්ම් එකක් තමයි මේක. ඇක්ෂන් ත්රිලර් බලන්න ආස අයට මේක නියම අත්දැකීමක් වෙයි!











