අලුත් නඩුවක් අරන් ආවා😁. අලුත් කිව්වට Anatomy of a Scandal කියන්නෙ 2022 ආපු නඩුවක්. කලින් සබ් කරන්න
සහභාගි වුනු Presumed Innocent කතාමාලාවේ හරයට යම් සමානකමක් තියෙන කතාමාලවක් කියලත් කියන්න පුලුවන්. (Presumed Innocent නොබලපු අය අනිවාර්යයෙන් බලන්න.) ඇත්තටම මේක නිදහසේ නරඹන්න පුළුවන් ඉතාමත් කුතුහලය දනවන, නීතිය සහ බලය(දේශපාලනික) අතර ගැටුමක් ගැන කියවෙන අපූරු කෙටි; කතා මාලාවක්. නිවාඩු දවසක එක හුස්මට බලන්න ගත්තොත් පැය 5 කින් වගේ බලන්න පුලුවන්.

📌 මූලික විස්තරේ

Year: 2022
Genre: මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක (Psychological Thriller) සහ අධිකරණමය නාට්‍ය (Legal Drama)
Platform: Netflix (කථාංග 6කින් සමන්විත Miniseries එකක්)
Ratings: IMDb – 7.0/10 | Rotten Tomatoes – 60%
කතාවේ පසුබිම මෙහෙමයි
බ්‍රිතාන්‍ය දේශපාලනයේ ඉහළම තලයේ වැජඹෙන අමාත්‍යවරයෙකු වන ජේම්ස් වයිට්හවුස් සහ ඔහුගේ බිරිඳ සොෆී ගතකරන සුඛෝපභෝගි ජීවිතය, ජේම්ස්ට එරෙහිව එල්ල වන බරපතල චෝදනාවක් නිසාවෙන් එකවරම කණපිට පෙරළෙනවා.

මේ කතාව ගෙතෙන්නේ මේ අඳුරු රහසත් සමඟ ඔවුන්ගේ පවුල, දේශපාලන ප්‍රතිරූපය සහ අධිකරණය තුළ සිදුවන දැවැන්ත ගැටුම් වටායි. “සත්‍යය” කියන්නේ එක එක්කෙනා දකින විදියට වෙනස් වෙන දෙයක්ද? සමාජ තත්ත්වය සහ සල්ලි වලට හැමදේම යටපත් කරන්න පුළුවන්ද? මේ ප්‍රශ්නවලට උත්තර මේ කතා මාලාව හරහා ඉතා අපූරුවට සාකච්ඡා කරනවා.

ප්‍රධාන චරිත සහ ඔවුන්ගේ භූමිකාවන්

සොෆී වයිට්හවුස් (Sienna Miller): ජේම්ස්ගේ ආදරණීය බිරිඳයි. ඇගේ සුරංගනා ලෝකය මේ සිදුවීමත් එක්ක කඩා වැටෙනවා. තම සැමියා කියන දේ විශ්වාස කරනවාද, නැත්නම් සැඟවුණු සත්‍යය සොයා යනවාද කියන මානසික අරගලයකට ඇය මුහුණ දෙනවා.

ජේම්ස් වයිට්හවුස් (Rupert Friend):බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ අමාත්‍යවරයෙක්. ඔහු තමන්ට ඕනෑම දෙයකින් ගැලවෙන්න පුළුවන් කියන අධි-විශ්වාසයකින් පසුවන ආකර්ශනීය මෙන්ම වරප්‍රසාද ලත් චරිතයක්.

කේට් වුඩ්ක්‍රොෆ්ට් (Michelle Dockery):ජේම්ස්ට එරෙහිව නඩුව මෙහෙයවන රජයේ නීතිඥවරිය (QC). ඇය සත්‍යය වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම් දැඩි ප්‍රතිපත්තිගරුක චරිතයක්.

ඔලිවියා ලිටන් (Naomi Scott): ජේම්ස් සමඟ රහසිගත සම්බන්ධයක් පවත්වන පාර්ලිමේන්තු පර්යේෂකවරිය. ඇය නගන බරපතල චෝදනාව මත තමයි මුළු කතාවම වෙනස් වෙන්නේ.
එහෙනම් බලමු ඇයි ඔයා මේක බලන්න ඕනේ කියලා
මෙය නිකම්ම උසාවියක් ඇතුළේ යන නඩුවක් විතරක් නෙවෙයි. මනුෂ්‍ය මනස, පාවාදීම්, සහ අතීතයේ කරපු වැරදි
අපේ අනාගතයට කොහොමද බලපාන්නේ කියන එක මෙයින් ඉතාමත් ලස්සනට පෙන්නුම් කරනවා.

බලලා අදහස් කියන්නකෝ.

Season 01 සඳහා සිංහල උපසිරැසි ගැන්වීම Baiscope.lk උපසිරැසි අංශයේ හේමාල් ගනේගොඩ (G.V.) විසින්.

Comments