EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

දෛවයට යටවූ සාපය

‘Killing Faith’ කියන්නේ 2025 වසරේ නිකුත් වුණු Western ටයිප් එකේ කතාවක්.. Western Thriller වයිබ් එකට කැමති අයට ගැළපෙන කතාවක්.. IMDb දර්ශකයේ 5.6 ක අගයකුත්, කුණු තක්කාලි දර්ශකයේ 76% ක අගයකුත් ලබාගත්තු Academy Awards නිර්දේශිත නළුවෙකු රංගනයෙන් දායක වන ලස්සන චිත්‍රපටයක්..
කතාව මෙහෙමයි.. චිත්‍රපටයට පසුබිම සැකසෙන්නේ 1849 වසරෙන්.. ඇරිසෝනා ප්‍රාන්තයේ ගොවිපලක් තමන්ගේ ජීවිකාව කරගෙන ජීවත් වෙන කළු ජාතික එක් දරු මවක් ඉන්නවා.. ඒ කාලේ හැටියට මෙයා වහල් භාවයට පත්වෙලා ඉඳලා නිදහස ලබපු කෙනෙක්.. මෙයාට ඉන්නවා පුංචි ගෑණු ළමයෙක්.. මේ ළමයා විශේෂයි.. ඒ කියන්නේ මෙයාගේ අත් දෙකට නිතරම ග්ලවුස් දෙකක් දාලයි තියන්නේ, හේතුව තමයි මෙයා අල්ලන ඕනෑම දෙයක් සාපයට භාජනය වෙනවා.. දවසක් මේ ළමයා අශ්වයෙක් ග්ලවුස් ගලවලා අල්ලලා ක්ෂණයකින් ඒ සතා මැරිලා වැටෙනවා.. මෙන්න මේ හේතු හින්දා මේ නගරේ විශ්වාස කරනවා මෙයා සාපලත් ළමයෙක් කියලා.. කට්ටිය කියන්නේ මේ ළමයා එක්ක මේ අම්මට තොලොංචි වෙලා නගරෙන් යන්න කියලා.. මේ අතරේ මේ අම්මට ආරංචි වෙනවා එක් ඩොක්ටර් කෙනෙක්, දේශකයෙක් ඉන්නවා කියලා දුර ඈත නගරෙක, මේ කෙනාට පුළුවන් කියලා මේ ළමයව සනීප කරන්න. ඉතින් ළඟ ඉතුරුවුණ ගතමනාව අරගෙන යන වියදම දරාගන්න උත්සාහ කළාට මේ ළමයට මාන බලන අපරාධකාරයන්ගෙන් ආරක්ෂා වෙන්න ක්‍රමයක් නැති බව තේරෙනවා..
මෙහෙම ප්‍රශ්නෙක මෙයා ඉන්නකොට මේ නගරෙම ඉන්නවා එක ඩොක්ටර් කෙනෙක්.. කාත් කවුරුත් නැති මේ ඩොක්ටර් සල්ලි බලාපොරොත්තුවෙන් මේ අම්මයි ළමයයි එක්ක නගරෙට යන්න එකඟ වෙනවා.. ඉතින් අපරාධකාරයන් රොත්තක් මැදින් මේ අයට ගමනාන්තය දක්වා පරිස්සමෙන් යාගන්න පුළුවන් වෙයිද? ගමනාන්තේ මොකක් වෙන්න පුළුවන්ද? අතරමගදී හම්බෙනවා ඇත්තේ මොන විදිහේ මිනිස්සුද? වගේම මේ එක් එක් චරිත වල පෞද්ගලික ජීවිතවල යටගියාවත් මේත් එක්කම විස්තර කෙරෙනවා.

Comments