EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.

 අනෙ​ක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.

වනයක් මැද ආගමික උන්මත්තකයින්ට කොටු වූ යුවළ

නිදහසේ කාලය ගත කරන්න හිතාගෙන මයිකුයි එයාගේ පෙම්වතිය ෂෙරිලුයි බටහිර වර්ජීනියාවේ කඳුකර වනාන්තරයකට යන්නේ ලස්සන අත්දැකීමක් විඳගන්න බලාපොරොත්තුවෙන්.
ගමන පටන් ගන්න කලින්ම අඩවි වන නිලධාරියා, කැලේ ඉන්න මිනිස්සුන්ට කරදරයක් නොවී තමන්ගේ ගමන යන්න කියන උපදේසත් දිලා, ගමන යන්න සුදුසුම පාරවල් ගැනත් මේ දෙන්නව දැනුවත් කරනවා. එයා කියන විදිහට මේ අයට යන්න පුලුවන් පාරවල් දෙකක් තියෙනවා. ඒකට හේතුව, මොකක් හරි කරදරයක් උනොත් නිලධාරීන්ට ඉක්මනට මෙයාලව හොයාගන්න පුළුවන් වෙන නිසයි.
වානාන්තරයට ඇතුලු වෙන තැනට ඇවිත් ගමන ආරම්භ කරන්න ඕන මොන පාරෙන් ද කියලා දෙන්නා වාද කරන වෙලාවේ, එතනට මැදිවියේ පසු වෙන ගැහැණු කෙනෙක් එනවා. මෙයාගේ නම අයිඩා. මෙයා ගොඩක් ආගමික පැත්තට බර කෙනෙක්. ඒ වගේම හරිම සුහදශීලී ගෑණු කෙනෙක්. දෙගොල්ලෝ අතරේ කතාබහ යද්දි අයිඩා කියනවා නිලධාරීයා කියපු පාරවල් දෙකට වඩා වනාන්තරයේ ලස්සන බලන්නත් ජෝඩුවට නිදහසේ කාලය ගත කරන්නත් හොඳම පාර Timber Falls කියලා.
ඔන්න ඉතිං ජෝඩුව අයිඩා කියපු දේවල් විස්වාස කරලා ටිම්බර් ෆෝල්ස් වලින් ගමන පටන් ගන්නවා. අයිඩා කිව්වා වගේම ඒ පාර ඇත්තටම හරිම ලස්සනයි. ඉතිං ඒ ලස්සනත් එක්ක දෙන්නට ඕන වෙනවා මේ ගමන තවත් ලස්සන කරන්න පොඩි සැපක් ගන්න. වැඩේ කරගෙන යන අතරේ මොකක්දෝ අවාසනාවකට ගමේ කොල්ලෝ ටිකක් මෙතනට කඩා පාත් වෙනවා. හරි, ඔතනින් එහාට වෙන දේවල් චිත්‍රපටය බලලම දැනගන්න.

Comments