EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageඅමරණීය මිනිසුන්ගේ බිලි පූජාව
2026 මාර්තු මාසෙදි තිරගත වීම ආරම්භ කරපු They Will Kill You කියන්නෙ Horror.. Action සහ Comedy කියන ශානරයන් තුනම එකට එකතු කරලා හදපු වෙනස්ම විදියේ චිත්‍රපටයක්. Kirill Sokolov විසින් අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එක.. ආරම්භයේ ඉඳන් අවසානය වෙනකම්ම හුස්ම හිරකරගෙන බලන්න පුළුවන් වේගවත් කතාවක් විදියට හඳුන්වන්න පුළුවන්.
මේ කතාව ගෙතිලා තියෙන්නෙ “ඒෂියා රීව්ස්” කියන තරුණිය වටා. ඇය නිව්යෝර්ක් නගරයේ තියෙන අද්භූත සහ සුඛෝපභෝගී මහල් නිවාසයක වැඩකාරියක් විදියට රස්සාවකට යනවා. හැබැයි ඇය දන්නෙ නෑ මේ ගොඩනැගිල්ල ඇතුළෙ ඉන්නෙ යක්ෂයෙක්ව අදහන අමුතුම විදියේ කල්ට් එකක් නැත්නම් ආගමික කල්ලියක් කියලා. මේ කල්ලිය තමන්ගෙ අමරණීයත්වය වෙනුවෙන් මේ අද්භූත ස්වාමියාට මිනිස්සුන්ව බිලි දෙනවා. ඉතින් ඒෂියාට සිද්ධ වෙනවා මේ යක්ෂයන්ගෙන් බේරිලා එළියට එන්න ඇගේ ජීවිතය වෙනුවෙන් සටන් කරන්න.
සාමාන්‍යයෙන් Horror ෆිල්ම් එකක තියෙන බය සහ ත්‍රාසයට වඩා.. මේකෙ තියෙන්නෙ ලේ වැගිරීම් සහ සුපිරි සටන් ජවනිකා. ඒෂියා තමන්ගෙ ආරක්ෂාවට පාවිච්චි කරන ආයුධ සහ සටන් කරන විදිය හරිම ආකර්ෂණීයයි. කතාව ඇතුළෙ ධනවත් මිනිස්සු දුප්පත් අයව පාලනය කරන විදිය ගැන ලොකු අර්ථයකුත් හැංගිලා තියෙනවා. ඒ වගේම මේකෙ තියෙන දෙබස් සහ සිදුවීම් හරහා මතු වෙන අඳුරු හාස්‍යය නිසා කිසිම කම්මැලිකමක් නැතුව බලන්න පුළුවන්. මේ ෆිල්ම් එකේ තියෙන දෙබස් වල රිද්මය සහ කතාව ගලාගෙන යන විදිය හරිම සජීවීයි. පට්ටම ‘filmy dialogue’ ටිකක් මේකෙ අඩංගු වෙනවා.
මේකෙ ප්‍රධාන චරිතය වන ඒෂියාට පණ පොවන්නෙ ජනප්‍රිය නිළි Zazie Beetz. ඊට අමතරව අපි කවුරුත් දන්න හැරී පොටර් චිත්‍රපට මාලාවේ ඩ්‍රැකෝ මෝල්ෆෝයිට රඟපාපු Tom Felton මේකෙ කල්ලියේ සාමාජිකයෙක් වන කෙවින්ගේ චරිතයට රංගනයෙන් දායක වෙනවා. Myha’la.. Heather Graham සහ Patricia Arquette වගේ දක්ෂ නළු නිළියන් රැසකුත් මෙහි දැකගන්න පුළුවන්.
අඳුරු හාස්‍යය සහ ක්‍රියාදාම පිරුණු චිත්‍රපට වලට කැමති කෙනෙක් නම්.. They Will Kill You (2026) කියන්නෙ අනිවාර්යයෙන්ම බලන්න ඕනෙ ෆිල්ම් එකක්











