EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageඅද්භූත නිවසේ සැඟවුණු පළිගැනීම
හායි කොහොමද යාලුවනේ! මේ මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීමයි. පොරොන්දු උනා වගේම මේ චිත්‍රපටයටත් ඉක්මනින්ම උපසිරැසි දෙන්න පුලුවන් උනා ඒ ගැන මට ගොඩක් සතුටුයි. මට මේ චිත්‍රපට මාලාවට උපසිරැසි කරන්න ඕන කියලා අදහස ආවෙ මීට කලින් මේ චිත්‍රපට මාලාවේ මුල් චිත්‍රපට දෙකට උපසිරැසි ලබා දුන් Tharuka Nimhan සහෝදරයා නිසයි. ඔහු කලින් චිත්‍රපට දෙකට උපසිරැසි ලබා දුන්නන් මොනයම් හෝ හෙතුවක් මත අනිත් චිත්‍රපටයන්ට උපසිරැසි ලබා දීමට නොහැකි වෙලා තියෙනවා. නමුත් ඔහු ඒ චිත්‍රපට දෙකට උපැසිරැසි ලබා දීපු නිසා තමයි මට අනිත් චිත්‍රපටයන්ට උපසිරැසි ලබාදෙන්න අදහස ආවේ. ඒ වෙනුවෙන් ඔහුට ස්තූති කරන්න ඕන. හරි එහෙනම් අපි මේ චිත්‍රපටය ගැන කතා කරමු.
ඉතින් අද මම ඔයාලට අරගෙන ආවේ Scary Movie 4 වන චිත්‍රපටයයි. මම කලින් අරගෙන ආපු Scary Movie 3 වන චිත්‍රපටය වගේම මේකත් හිනා වෙලා පණ යන මට්ටමේ සුපිරිම කොමඩියක් කියලා බය නැතුව කියන්න පුළුවන්. මෙහි එවකට ජනප්‍රිය වී තිබුණු War of the Worlds (2005), The Grudge (2004), The Village (2004), Saw (2004), Saw II (2005), Million Dollar Baby (2004) වැනි චිත්‍රපට රැසක් හාස්‍යයට ලක් කරමින් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. මේ චිත්‍රපටය IMDb 5.1 ක අගයක් ලබාගෙන තියෙනවා. ඒ වගේම ඩොලර් මිලියන 40-45 කට ආසන්න වියදමකින් නිශ්පාදනය වූ මෙම චිත්‍රපටය ඩොලර් මිලියන 178 ක ආදායමක් ලබා ගන්න සමත් වී තිබෙනවා. මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කලේ කලින් 3 වන චිත්‍රපටය අධ්‍යක්ෂණය කල David Zucker යන අධ්‍යක්ෂවරයායි. ප්‍රධාන නළු නිළියන් වශයෙන් Anna Faris, Regina Hall, Leslie Nielsen, Craig Bierko, Anthony Anderson, Kevin Hart ආදී නළු නිළියන් එක් වෙලා තියෙනවා.
චිත්‍රපටයේ කතාව ගැන කෙටියෙන් කියනවානම්, මෙවර කතාව ගෙතෙන්නෙත් අපි හැමෝටම හුරුපුරුදු සින්ඩි කැම්බල් වටායි. මෙදා පාර සින්ඩි රැකියාවකට යන්නේ අමුතුම විදිහේ ලෙඩක් තියෙන වයසක කාන්තාවක් බලාගන්නයි. ඒ ගෙදර අද්භූත සිදුවීම් සිද්ධ වෙනවා, ඒ සිද්ධ වන දේවල් වටා යන කතාව බලන්න කියල මම ඔයාලට ආරාධනා කරනවා.











