EVO Player හා CS Player පමණක් ක්‍රියා කරයි.
අනෙක් සියලු Player ක්‍රියා කරන්නේ නැහැ. ඒවා හදන්න ටික කාලයක් යන නිසා ඒවා ඩවුන්ලෝඩ් කරගෙන බලන්න පුළුවන්.
Cast
Go Full Cast Pageපවුල වෙනුවෙන් යළිත් අවදි වන මාරක සටන! 🎬🔥
ඔන්න ඉතින් Cinesubz යාළුවනේ, අද අපි කතා කරන්නේ අලුත්ම බ්‍රිතාන්‍ය “Indie” ක්‍රියාදාම චිත්‍රපටයක් වන Fyre Rises (2024) ගැන. මේක අඩු පිරිවැයකින් හැදුවත්, ඇඟ කිළිපොලා යන කතාවක් තියෙන Action-Crime-Thriller එකක්!
රිචඩ් ෆයර් (Richard Fyre) කියන්නේ කලින් ඉතාමත් දරුණු ගණයේ කුලී හේවායෙක් (Mercenary). ඔහු දැන් ඒ අතීතය අමතක කරලා සාමකාමී ජීවිතයක් ගත කරන්න උත්සාහ කළත්, විශාල ණය බරකින් හෙම්බත් වෙලා ඉන්නේ.
මේ අතරතුර “Priest” කියන උන්මත්තක අපරාධකාරයෙක් ෆයර්ට යෝජනාවක් ගේනවා — “මම ඔයාගේ ප්‍රශ්න විසඳන්නම්, හැබැයි මම කියන වැඩේ කරන්න ඕනේ.” ෆයර් ඒකට අකමැති වුණත්, Priest ලෙහෙසියෙන් අතහරින්නේ නැහැ. ඔහු ෆයර්ගේ පවුලේ අයට තර්ජනය කරනවා. තමන්ගේ ආදරණීයයන් වෙනුවෙන් ෆයර්ට ආයෙත් අකමැත්තෙන් වුණත් තුවක්කුව අතට ගන්න සිද්ධ වෙනවා.
මෙහි සටන් ජවනිකා හොලිවුඩ් චිත්‍රපට වගේ ලොකු ඔප දැමීම් නැති වුණත්, ඉතාමත් තාත්වික (Real) ගතියක් තියෙනවා.
ඔබත් “Taken” වගේ පලිගැනීමේ ක්‍රියාදාම චිත්‍රපටවලට ආදරය කරන කෙනෙක් නම්, මේ චිත්‍රපටය අනිවාර්යයෙන්ම නැරඹිය යුතුයි.
🎬 දැන්ම Cinesubz.net වෙත ගිහින් චිත්‍රපටය නරඹලා ඔබේ අදහස් පහළින් කමෙන්ට් කරන්න!
අලුත්ම Movies සහ TV Series ගැන ඉක්මනින්ම දැනගන්න අපේ Cinesubz Facebook Page එකටත් Join වෙන්න. Like කරන්න, Share කරන්න, යාළුවන්ටත් කියන්න! ❤️



